පෞද්ගලික අංශයෙන් පමණක් දරුවන්ට ලබා දෙන විශේෂිත අමතර එන්නත් By සාරංගි රන්පටබැඳි

දරුවෙකු බිහිවී රෝහලෙන් පැමිණෙන විට දරුවාගේ සියලූ වාර්තා ඇතුළත් කිරීම ස`දහා ලබාදෙන වාර්ත පොත් පිංච දරුවාගේ උස, බර මෙන්ම ලබාදිය යුතු එන්නත් මොනවාද යන්න පිළිබ`දවත් ඔබව දැනුවත් කරයි. එහි ස`දහන් එන්නත් මාලාව සැකසී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශිත පුළුල් ප‍්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ යටතේ ලබාදෙන එන්නත් මාලාවට අනුවයි. නමුත් අද වන විට පුළුල් ප‍්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ යටතේ ලබාදෙන එන්නත් මාලාවේ ඇතුළත් නොවන එන්නත් වර්ග කිහිපයක් පෞද්ගලික අංශයේ රෝහල් වෙතින් ලබාදීම සිදු කෙරේ. එය මව්පියවරුන්ගේ කැමැත්ත සහ අවශ්‍යතාවය අනුව සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකු හමුවී ලබාගත හැකිය. ඒ රෝටා වෛරස එන්නත, පැපොළ එන්නත, හෙපටයිටීස් ඒ එන්නත, උණසන්නිපාත එන්නත, නිව්මෝනියා එන්නත, ඉන්ෆ්ලූවෙන්සා සහ හියුමන් පැපිලෝමා වෛරස් එන්නත යන ඒවාය. මෙම එන්නත් ලබාගත යුතු එන්නත් ලෙස නිර්දේශ වුවද ඇතැම් මව්වරුන්ගේ නොදැනුවත් බව නිසා හෝ ඒ ස`දහා යොමු නොවේ.

රෝටා වෛරස් එන්නත – මාස හය දක්වා දරුවන්ට පමණක් ලබා දෙන මෙම ජීවී මුඛ එන්නත පාචනය රෝග තත්ත්වයෙන් වැලකීම ස`දහා අවශ්‍ය ආරක්‍ෂාව දරුවාට සපයයි. මන්ද වයස අවුරුද්දට අඩු දරුවන්ට පාචනය වැනි තත්ත්වයකට ඔරොත්තු දීමේ හැකියාව අවම වේ.

රෝටා වෛරස් එන්නත ප‍්‍රභේද දෙකකි. එනම් මාත‍්‍රා දෙක හා මාත‍්‍රා තුනකින් යුක්ත එන්නත් ලෙසිනි. මාත‍්‍රා දෙකේ එන්නත වයස මාස දෙක සහ හතර හෝ හතර සහ හය වශයෙන් ලබාදේ. වයස මාස හයට වැඩි දරුවන්ට මෙම එන්නත නිර්දේශ නොකරයි. එසේම මාත‍්‍රා තුනේ එන්නත මාස දෙක, හතර සහ හය වයස් සීමාවලදී ලබා දේ.

පිටගැස්ම එන්නත – වයස අවුරුදු 5 සම්පූර්ණ දරුවන්හට පෝලියෝ මුඛ එන්නත සමග ගලපටලය, කක්කල්කැස්ස, පිටගැස්ම යන රෝග තුනම ආවරණය වන පරිදි පිටගැස්ම එන්නත ද ලබාදේ. දරුවාට වයස අවුරුසු 10 සම්පූර්ණ වන තෙක් එයින් ආරක්‍ෂාව සැපයේ. මේ කාල සීමාවේදී පිටගැස්ම ස`දහා කිසිදු අමතර ප‍්‍රතිශක්තියක් අවශ්‍ය නොවේ. වයස අවුරුදු 10 සම්පූර්ණ වූ විට මෙම එන්නතම පෝලියෝ මුඛ එන්නත නැතිව දරුවන්ට ලබා දෙන අතරම එමගින් දරුවාට වයස අවුරුදු 20 සම්පූර්ණ වන තෙක් ආරක්‍ෂාව සැපයේ.

පැපොළ එන්නත – කාර්ය බහුල ජීවන රටාවට අනුව පැපොළ යනු ඉතා අපහසු තත්ත්වයකි. එමෙන්ම වේදනකාරී තත්ත්වයකි. ඒ නිසාම මව්වරුන් පෞද්ගලික අංශයේ රෝහල් හරහා එන්නත දරුවන්ට ලබාදීමට උනන්දු වෙයි. පැපොළ එන්නත ලබා දුන් මුල් කාලවකවානුවේ එක් මාත‍්‍රාවක් පමණක් ලබාදුන්න ද සිදුකරන ලද සමීක්‍ෂණ හා පර්යේෂණවල දත්තවලට අනුව එක් මාත‍්‍රාවකින් පමණක් ජීවිත කාලයටම රෝගයෙන් ආරක්‍ෂා වීමට නොහැකි බව අනාවරණය විය. එම නිසා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද පැපොළ එන්නත මාත‍්‍රා දෙකක් වශයෙන් ලබා දීම අවශ්‍ය බව තීරණය කෙරුණි.

එන්නත ලබා දීමේදී වයස අවුරුද්ද සම්පූර්ණ වූ දරුවන්ට පළමු මාත‍්‍රාව ලබාදී වසරකින් දෙවන මාත‍්‍රාව ලබාදිය යුතුය. වැඩිහිටියන්ට පළමු මාත‍්‍රාව ලබා දී සති හයක් හෝ අටක් ඇතුළත දෙවන මාත‍්‍රාව ලබා දිය යුතුය. නමුත් මාත‍්‍රා දෙකම ලබාගත්ත ද ප‍්‍රතිශක්තිය හීන අයෙකුට පසුකාලයකදී සුළු වශයෙන් රෝගය ඇති වීමේ හෝ හර්පීස් තත්ත්වය ඇති වීමේ අවධානමක් පවතී.

නිව්මෝනියා එන්නත – මාස දෙක, හතර, හය වයසේ දරුවන්හට නිව්මෝනියාව එන්නත ලබාදෙන්නේ ත‍්‍රිත්ව එන්නතත් සමගයි. එකවිට එම එන්නත් දෙකම ලබා දෙන්නේ නම් නිව්මෝනියා එන්නත ලබා දිය යුත්තේ අන්තර් පේශී ක‍්‍රමයට වෙනත් ස්ථානයකටයි. එසේම වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට මේ ස`දහා ලබා දෙන්නේ කාණ්ඩ දහයක් ඇතුළත් නියුමොකොකොල් කොන්ජුගේට් එන්නතයි. නිර්දේෂිත වයස් සීමාවන්වලදී එන්නත ලබාදී නොමැති නම් සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකු හමුවී මාස හයෙන් පසුව එන්නත ලබා ගත හැකියි. දරුවාගේ වයස මාස හය සහ අවුරුද්ද අතර කාලය තුළ පළමු මාත‍්‍රාව ලබා දී මාස දෙකකින් දෙවන මාත‍්‍රාව ලබා දිය හැකිය. මෙම නිව්මෝනියාව ස`දහා ලබා දෙන එන්නත නිරෝගී දරුවන්ට අත්‍යවශ්‍ය එන්නතක් නොවේ. නමුත් දෙමාපිය කැමැත්ත පරිදි වෛද්‍ය උපදෙස් අනුව ලබාදීමේ වරදක් නැත. නමුත් නොමේරූ දරුවන්ට අඩු බර දරුවන්ට රෝගී දරුවන්ට පෙනහලූවල හෝ හෘද වස්තුවේ ආබාධ ඇති දරුවන්ට වයස මාස 15 සම්පූර්ණ වූ විට හතරවන මාත‍්‍රාව ද ලබා දීමට නිර්දේශ කෙරේ.

හෙපටයිටීස් ඒ එන්නත – මාත‍්‍රා දෙකක් වශයෙන් ලබාදෙන මෙම එන්නතේ පළමු මාත‍්‍රාවෙන් මාස හයක් ඇතුළත හෝ අවුරුද්දක් ඇතුළත දෙවන මාත‍්‍රාව ලබාදේ. මේ එන්නත ලබා දෙන්නේ අපිරිසිදු ආහාර පාන හේතුවෙන් ඇතිවන අක්මාවේ ආසාදනයක් වන සෙංගමාල රෝගය ස`දහායි. පෙර පාසැල් යන දරුවන්ට මෙන්ම පිහිනුම් ක‍්‍රීඩාවේ යෙදෙන දරුවන්ට ද විශේෂයෙන් මෙම එන්නත ලබා දීම වැදගත් වේ.

හෙපටයිටීස් ඒ සහ බී එන්නත – රජයේ පුළුල් ප‍්‍රතිශක්තිකරණ වැඩසටහනට හෙපටයිටීස් බී එන්නත ඇතුළත් වූයේ වර්ෂ කිහිපයකට ඉහතදීය. ඊට පෙර රජයේ සායන හරාහා එන්නත් ලබාගත් දරුවන්ට ඇතැම් විට හෙපටයිටීස් බී එන්නත මගහැරී තිබිය හැක. හෙපටයිටීස් ඒ සහ බී ද්විත්වයම අන්තර්ගත එන්නතක් වයස අවුරුදු දෙක සම්පූර්ණ වූ දරුවන්ට මාත‍්‍රා තුනක් ලෙස මේ වන විට පෞද්ගලික රෝහල් වෙතින් ලබා දෙන අතර එන්නත මගහැරුණු දරුවන්ට පෞද්ගලික අංශයෙන් එන්නත ලබාගත හැකිය.

උණසන්නිපාත එන්නත – වයස අවුරුද්ද සම්පූර්ණ වූ දරුවන්හට එක් මාත‍්‍රාවක් ලෙස ලබා දෙන මෙම එන්නත සැල්මොනෙල්ලා බැක්ටීරියාව හේතුවෙන් ඇති වන බඩවැල්වල තුවාල ඇති වන උණ රෝග තත්ත්වය ස`දහා ලබා දෙයි. පිහිනුම් ක‍්‍රීඩාවේ නිරත දරුවන්ට මෙය ලබාදීම වඩාත් සුදුසුයි.

ඉන්ෆ්ලූවෙන්සා එන්නත – ස්වසන ආබාධ, හෘද රෝග සහ ඇදුම තත්ත්වයන් ඇති මාස හය සම්පූර්ණ දරුවන්ට වසරකට වරක් එක් එන්නත් මාත‍්‍රාවක් ලබාදීම නිර්දේශ කරයි.

හියුමන් පැපිලෝමා වෛරස එන්නත – ඉදිරියේදී පුළුල් ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන යටතට ඇතුළත් කිරීමට සියලූ විදිවිදාන සැකසෙමින් පවතින මෙම හියුමන් පැපිලෝමා එන්නත නිර්දේශ වන්නේ වැඩිවිය පැමිණි ගැහැණු දරුවන්ටයි. වඩා වැදගත් වන්නේ විවාහ වීමට පෙර එනම් ලිංගික සබ`දතා ආරම්භ කිරීමට පෙර එන්නත ලබා ගැනීමයි. මෙතෙක් සිදු කෙරුණු කෙරුණු පර්යේෂණවලට අනුව නම් මෙම එන්නත ලබා ගත් පිරිසට 16 හා 18 යන ප‍්‍රභේද මගින් ඇතිවන ගැබ්ගෙල පිළිකා තත්ත්වය ඇති වීමේ ප‍්‍රවණතාවය එන්නත ලබා නොගත් අයට වඩා අඩු බව ඔප්පු වී තිබේ. ප‍්‍රතිශක්ති ඌණතා තත්ත්වයන් පවතින අයහට ද එන්නත ලබාදීමේ කිසිදු ගැටලූවක් නොමැති වුවද නිසි ප‍්‍රතිඵල හිමිවේද යන්න සැක සහිතය. මේ වන විට වසර දහයක් පුරා රුධිර පරීක්‍ෂාවන් සිදු කරමින් ලබාගත් දත්තවලට අනුව වසර දහයකටත් වඩා වැඩි කාලයක ආරක්‍ෂාවක් මෙම එන්නත මගින් හිමිවන බව අනාවරණය වී තිබේ.

එන්නත මාත‍්‍රා තුනක් ලෙස අන්තර්පේශී ක‍්‍රමයට ලබා දීම සිදු කෙරේ. ප‍්‍රහේද හතරක් ඇති එන්නත ලබා දෙන්නේ නම් පළමු මාත‍්‍රාවෙන් මාස දෙකකට පසුව ද තෙවන මාත‍්‍රාව මාස හයකට පසුව ද ලබා දේ. ප‍්‍රභේද දෙකකින් යුතු එන්නත ලබා දෙන්නේ නම් පළමු මාත‍්‍රාවෙන් මසකට පසු දෙවන මාත‍්‍රාව ද මාස හයකට පසු තෙවන මාත‍්‍රාව ද ලබා දේ.

පෞද්ගලික අංශයෙන් එන්නත් ලබාගැනීමේදී යම් මුදලක් ඔබට වැය වුවද දරුවාගේ නිරෝගී පැවැත්ම උදෙසා මෙසේ ලබාදෙන අමතර එන්නත් කිහිපය ලබා ගැනීමට උනන්දු වන්න.

වෛරස් රෝග සහ එන්නත් පිළිබ`ද ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මිය සමග සිදුකළ සාකච්ඡුාවක් ඇසුරෙනි.

source www.parenting.lk/2016/07/708

Check Also

සම් සම් ළිඳේ අභිරහස | The Mystery of Zam Zam well

සෑම අභිරහසක් පිටුපසම විද්‍යාවක් තිබෙනවා. නමුත් සමහර පුදුමසහගත දේවල් විද්‍යාවෙන් ඔබ්බට ගිය විට, හුදෙකලාවෙ වුවත් …

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Discover more from Sri lanka Muslims Web Portal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading