කාන්තා චර්මච්ඡේදනය –

කාන්තාවන්ට විවිධාකාරයේ සුබ සිද්ධීන් ගෙනදෙන ඉස්ලාමීය පිළිවෙතක්

කාන්තා චර්මච්ඡේදනය පිළිබඳව විවිධාකාරයේ ලිපිලේඛන ලියාපළකොට ඇති අතර බොහෝ ලේඛකයින් හට ඉහත කරුණු පිළිබඳ ඉස්ලාමීය පිළිවෙත FGM (Female Genital Mutilation)  බොහෝ දුරට අවුල්සහගත බව පෙනේ. කෙසේ වෙතත් මෙය යථාර්තයට වඩා බොහෝ සෙයින් වෙනස් ය. ඉස්ලාමයේ නියම කර ඇති පරිදි කාන්තා චර්මච්ඡේදනය යනු භගමණියේ (භගශිශ්නිකාව) හෙවත් කාන්තා ලිංගෙන්ද්‍රිය ආවරණය කර ඇති ප්‍රපූටිය හෙවත් පෙරසම (Foreskin) පමණක් කපා ඉවත් කිරීමයි. මෙය පිරිමි චර්මච්ඡේදනය වැනි සාපේක්ෂව සුළු හා හානිකර සැත්කමක් නොවන අතර එය බොහෝ සෞඛ්‍යමය සුබ සිදිධීන් ලබා දෙනු ඇත.

ඉස්ලාමීය පදනම

අල්-කුර්ආනය කාන්තා චර්මච්ඡේදනය පිළිබඳව කිසිවක් සඳහන් කර නොමැති අතර පිරිමි චර්මච්ඡේදනය පිළිබඳවද සඳහන් නොකරයි යන්න සත්‍යයකි. පිරිමි හා කාන්තා චර්මච්ඡේදනය පිළිබඳ සාක්ෂි ඉස්ලාමයේ දෙවන මූලාශ්‍රය වන අහාදීත් හෙවත් මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ ප්‍රකාශයන්වල බෙහෙවින් සඳහන් වේ.

1) චර්මච්ඡේදනය යනු පිරිමින් සඳහා වන මාගේ මාර්ගයක් වන අතර එය කාන්තාවන් තුළ ප්‍රචලිත වේ (බයිහකි).

පිරිමි සහ කාන්තා චර්මච්ඡේදනය නබිතුමා විසින් පිළිගෙන ඇති බව මෙම හදීසයෙන් පැහැදිලි වනු ඇත.

මෙම වර්ග ද්විත්වයටම එතුමාණෝ භාවිතාකොට ඇති යෙදුම ‘කිතාන්’ යන්න ය. පැරැණි අරාබි භාෂාවෙන්: අල්-කිතානු සුන්නතුන් ලි ආර්-රිජාලි මක්‍රමතුන් ලි අන්-නිසා. මෙම හදීසය කාන්තාවන් චර්මච්ඡේදනය කිරීම අනිවාර්‍ය දෙයක් නොවන බව‌ත් විවිධ කරුණු කාරණා මත සිදු කරනු ලබන කාන්තා චර්මච්ඡේදනය කාන්තාවන් කෙරෙහි වන සුන්නතයක් ‘(නබි තුමාණන්ගේ මාර්ගය)’ යන යෙදුම භාවිතා කිරීම නුසුදුසු බවත් පැහැදිලි ය. එමෙන්ම මෙහි භාවිතා කරන මක්රුමා යන යෙදුම ඉහත පිළිවෙත කෙරෙහි අනිවාර්ය ස්වභාවයට බලපාන්නේ නැත. මන්දයත් එය හුදෙක් ඇඟවුම් කරන්නේ කාන්තාවන් විසින් එය ප්‍රගුණ කර ඇති බවයි.

2) මානවයාගේ ස්වභාවය (ෆිත්රාව) හා සම්බන්ධ ක්‍රියාවන් පහකි: චර්මච්ඡේදනය, ලිංගය අසල කෙස් කැපීම, උඩු රැවුල කැපීම, නියපොතු කැපීම, කිහිල් කෙස් කැපීම (සහීහ් අල් බුහාරි සහ සහීහ් මුස්ලිම්)

මෙය ඉතා ශක්තිමත් ප්‍රකාශයක් වන අතර, චර්මච්ඡේදනය (කිතාන්) වර්ගීකරණය කිරීම මානවයාගේ ස්වභාවය හා සම්බන්ධ කරුණක් (ෆිත්රා) හෝ දෙවියන් විසින් ලබා දෙන ලද ස්වභාවයේ (හෝ වෙනත් වචන වලින් කිවහොත්, මිනිසුන්ගේ දිව්‍යමය ආනුභාවය ලත් ස්වාභාවික නැඹුරුවාවන්), එනම් කිහිල් කෙස් ඉවත් කිරීම  ලිංගේන්ද්‍රය අවට ඇති කෙස් සහ නියපොතු කැපීම, පිරිමි සහ කාන්තා යන දෙඅංශයේම අනිවාර්ය ස්වභාවය නම් එය කඩිනම් ලෙස අවධාරණය කිරීමට අවශ්‍ය නැත. 

මුස්ලිම්වරුන් විසින් අනුගමනය කරනු ඇතැයි නබිතුමා අපේක්ෂා කළ ෆිත්රාව ඇතුළු ක්‍රියාවන් වාජිබ් හෝ අනිවාර්ය කාණ්ඩයට අඩංගු විය යුතුය යන්න ඉස්ලාමීය විද්වතුන්ගේ අදහසයි.  චර්මච්ඡේදනය, අපිරිසිදුකමට හේතුපාදක වන ශරීරයේ අතිරික්ත වර්ධනයන් ඉවත් කිරීමේ මානව ස්වභාවය හා සම්බන්ධ ක්‍රියාවකි. එය පුද්ගලයෙකුගේ ශරීරය දෙවියන් අපේක්ෂා කරන වඩාත් පවිත්‍ර පරිපූර්ණ තත්ත්වයකට පත් කරයි. එබැවින් පළමුව, එය ෆිත්රාවට අනුකූල ක්‍රියාවක් ලෙස හැඳින්වේ.  ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම ලිංගේන්ද්‍රියේ ශිෂේණය ආවරණය වන අපිරිසිදු පෙර සමක් හෝ ප්‍රපූටියක් ඇති බැවින් පිරිමින් තරමට කාන්තාවන්ට ද එම පිළිවෙත සමානව අදාළ විය යුතුය. මීට අමතරව, පිරිමි සහ කාන්තාවන් සෑම ආකාරයකින්ම එක හා සමානව සැලකිය යුතුයි යන්න ඉස්ලාමයේ කඩිනමින් ස්ථාපිත මූලධර්මයක් වේ. මේ සම්බන්ධයෙන් ඔවුන් සැබවින්ම සමාන වන බවට නිසැක වේ.

3) (පිරිමි) චර්මඡේදනය කරන ලද කොටස (කාන්තා) චර්මච්ඡේදනය කරන ලද කොටස හමු වූ විට, ස්නානය කිරීම අනිවාර්ය වේ (අහමද්, තිර්මිදි)

චර්මච්ඡේදනය කරන ලද කොටස් දෙකම හමු වූ විට ස්නානය කරන (ලිංගික සංසර්ගයෙන් පසුව ස්නානය කිරීම අනිවාර්ය වේ (වාජිබ්) බවට නබිතුමා ප්‍රකාශ කර ඇත. නබිතුමා ලිංගික සංසර්ගය අර්ථ දැක්වූයේ පිරිමි සහ කාන්තා චර්මච්ඡේදනය වූ කොටස් සංසර්ගය වීම ලෙස ය.  අනිවාර්ය පශ්චාත්- ස්නානයක අවශ්‍යතාවය අවධාරණය කරන විට පිරිමි සහ ගැහැණු යන දෙඅංශයේම චර්මච්ඡේදනය කිරීමේ අනිවාර්ය ස්වභාවය පූර්ව උපකල්පනය කිරීමක් හෝ ඇඟවීමක් ලෙස ගත හැකිය.  මෙම හදීසයේ ආකාර දෙකක් තිබේ, 

ඉහත හදීසයේ නබිතුමාණන් “කිතානයින්” (චර්මච්ඡේදනය කරන ලද කොටස් දෙක) යන යෙදුම සහ “කිතානුල් කිතාන්” (පිරිමි සහ ගැහැණු චර්මච්ඡේදනය කරන ලද කොටස්) යන යෙදුම භාවිතා කළ අතර නබිතුමා එයින් අදහස් කළේ කුමක්ද යන්න නිසැක වේ.

මෙම පැහැදිලි තීරණාත්මක නබි වදනට අමතරව, විද්වතුන් විසින් සඳහන් කර ඇති අපි නොදන්නා කරුණු ද්විත්වයක් තිබේ:

 4) අබ්දුල්ලාහ් ඉබ්නු උමර් වාර්තාව අනුව නබිතුමා තමා වෙත පැමිණෙන අන්සාර් (මදීනානු) කාන්තාවන් චර්මච්ඡේදනය කරන ලෙස නියෝග කළේය (මුක්තසර් සවායිද් මුස්නද් අල් බස්සාර්, ඉබ්න් හජර්)

5) නබි (සල්) තුමාණන් මදීනාහි තරුණියන් චර්මච්ඡේදනය කළ කාන්තාවක් වන උම්මු අතියියා අල් අන්සාරියාට පැවසූ හදීසයක් මෙහි සඳහන් කිරීම වැදගත් ය: “ඔබ චර්මච්ඡේදනය කරන විට, පිටතින් කපන්න, ගැඹුරින් කපා ඉවත් නොකරන්න. මක්නිසාද යත් එය කාන්තාවන්ගේ මුහුණේ අලංකාරය සහ ස්වාමිපුරුෂයන්හට ප්‍රියමනාපය” (අබු දාවුද් , තබරානි හි අල් අව්සාත් සහ අල් බග්දාද් හි තාරික් බග්දාද්).

එපමණක් නොවේ.  නබිතුමාගේ සමීපතම අනුගාමිකයන් කාන්තාවන් චර්මච්ඡේදනය අත්‍යවශ්‍ය ලෙස සැලකූ බව විදහා දක්වන වදන් කිහිපයක් මෙහි සඳහන් කළ හැක.

1) උම්මු අල් මුහාජිර් පැවසුවා: “බයිසැන්තියම්හි තරුණියන් කිහිපදෙනෙකු සමඟ මම සිරගත වුයෙමි.  (කලිෆ්) උත්මන් අපට ඉස්ලාමය ඉදිරිපත් කළ නමුත් මා සහ තවත් එක් තරුණියක් පමණක් ඉස්ලාමය වැළඳගත්තෙමු. එවිට කලිෆ් උත්මාන් මෙසේ පැවසීය: ‘ඔවුන් රැගෙනවිත් චර්මඡේදනය කර පවිත්‍ර කරන්න” (බුහාරිහි අදාබ් අල් මුෆ්රද්)

2) උම්මු අල්කමා පවසන්නේ අයිෂා තුමියගේ සහෝදරයාගේ ලේලියන් චර්මඡේදනය කළ විට, ‘අයිෂා තුමියගෙන් මෙසේ විමසුවාය, “අපි ඔවුන්ව විනෝදය පත්කිරීම සඳහා යමෙකු අමතමු ද?”, එවිට ඇය  “ඔව්” කියා පැවැසීය. (ආදාබ් අල් මුෆ්රද්)

නබි තුමාණන්ගේ සමීපතම අනුගාමිකයෙකු සහ ඉස්ලාමයේ තුන්වන කලිෆ් වරයා වන උත්මාන් ඉස්ලාමය වැළඳ ගත් කාන්තාවන් චර්මච්ඡේදනය කරන ලෙස නියෝග කළේය.  තවද, නබිතුමාගේ භාරියාව වන ආයිෂා තුමිය ඇගේ ලේලියන් චර්මච්ඡේදනය කළ බවත්, එය අනිවාර්ය යැයි ඇය විශ්වාස කළ බවත් පෙන්නුම් කරයි.

මුල් කාලීන අරාබි සාහිත්‍යය ද කාන්තාවන්ගේ චර්මච්ඡේදනය සමාජය විසින් අනිවාර්ය යැයි පිළිගෙන තිබූ බව තහවුරු කරයි. මේ අනුව අල්ෆ් ලෙයිලා ව ලෙයිලා (දහස් රාත්‍රින් සහ රාත්‍රියක්) ග්‍රන්තයේ මුස්ලිම් ශූරයා සහ ක්‍රිස්තියානි දම්සෙල්ගේ කතාවෙන් මෙය තවදුරටත් පැහැදිලි වනු ඇත. කලිෆ් උමර්ගේ කාල පරිච්ඡේදය තුළ එම කිතුනු දැරියගේ ඉල්ලීම පරිදි මුස්ලිම් සොල්දාදුවෙකු විසින් ඇදහිල්ලේ මූලධර්ම විස්තර කරනු ලැබේ. එපමණක් නොව, එම කතාවේ තවත් එකි කොටසක ඇය ඉස්ලාමය වැළඳගෙන පසුකාලීනව චර්මඡේදනය කරගෙන යාච්ඤා කිරීමටද ඔහුගෙන්  ඉගෙන ගෙන ඇති බව දැකගත හැක.  පිරිමි සහ කාන්තා දෙපාර්ශවයම චර්මච්ඡේදනය කිරීම අනිවාර්ය බව පෙන්නුම් කරන තවත් සාක්ෂියක් ලෙස මෙය සඳහන් කළ හැක.

චර්මඡේදනය කිරීමේ ඉස්ලාමීය පිළිවෙත

කාන්තා චර්මඡේදනයෙන් කාන්තාවන්ගේ භගමණියේ ආවරණය කර ඇති පෙරසම (prepuce of the clitoris) ඉවත් කිරීම පමණක් ප්‍රමාණවත් බව ඉස්ලාමයේ මුල් කාලීන විද්වතුන් සියලු දෙනා අතර ඒකමතික තීරණයක් බව දක්නට ලැබේ. චර්මච්ඡේදනය කිරීමේදී ඉවත් කරනු ලබන පිරිමින්ගේ පෙර සම හා සමාන කොටසක් කාන්තා චර්මඡේදනයේද ඉවත් කරනු ලැබේ.

 1) ඉවත් කළ යුතු කොටස “මුත්‍රා මාර්ගයට ඉහළින් කුකුළාගේ පනාව හා සමාන ව්‍යුහයේ ඇති සම” බව ඉමාම් නවවි සිය ෂර්හුල් මුහාසබ්හි සඳහන් කරයි.  ෂරහ් මුස්ලිම් සිය විවරණයේදී “ඉහළ පෞද්ගලික කොටස්වල සම ඉවත් කිරීම” මෙයින් අදහස් වන්නා බව තවදුරටත් පවසයි.

2) ඉබ්න් හජර් අස්කලානි ෆත්හුල් බාරි හි සඳහන් කරන්නේ එය “කුකුළාගේ පනාව හා සමාන ව්‍යුහය ආවරණය කරන සම ඉවත් කිරීම මිස මස් කැබැල්ලක් නොවේ” යන්නයි.

3) ඉබ්නු තයිමියා මජ්මූ අල් ෆතාවා හි මෙසේ පවසයි: “කාන්තා චර්මච්ඡේදනය කාන්තා ලිංගේන්ද්‍රියේ කුකුළාගේ පනාව (කා උර්ෆ් අල් දීක්) වැනි සම කපා ඉවත් කිරීමයි.  මෙම සැත්කමෙන් ඉවත් කරනු ලබන්නේ කාන්තා ලිංගේන්ද්‍රිය ප්‍රපූටිය (කල්ෆා) බව පැහැදිලි වේ.

ඉස්ලාමයේ මුල්කාලීන විද්වතුන් එය කළ යුත්තේ කෙසේදැයි නොවරදවාම තීරණය කළේ නැත. ඔවුන් එය පදනම් කළේ නබි (සල්) තුමාණන්ගේ කියමනක් මතය. එහිදී ඔහු මදීනාහි කාන්තාවන් චර්මච්ඡේදනය කළ කාන්තාවක් වන උම්මු අතියියා අල් අන්සාරියාට පැවසූ බව සඳහන් වන නබි වදන පසුබිම් කොටගෙන ඔවුන් මෙසේ පැවැසූහ.

ඔබ චර්මච්ඡේදනය කරන විට, පිටතින් (නොගැඹුරු ආකාරයකින්) කපා ඉවත් කරන ලෙසත් ගැඹුරින් නොකපන ලෙසත් එයින් කියැවේ. මක්නිසාද යත් එය මුහුණේ අලංකාරය සහ ස්වාමිපුරුෂයාට ප්‍රිය වන්නා බව ද එයින් පැවැසේ ”(ඉදා කෆද්ති ෆා අෂිම්මි ව ලා තන්හකි ෆා ඉනාහු අෂ්රක් ලි-අල් වජ් ව අහ්සා ඉන් අල්  -සව්ජ්) (සුනන් අබු දාවුද්, බයිහාකි හි සුනන් අල් කුබ්රා, තබරානි හි අල් අව්සාත් සහ අල්-බග්දාද්හි තාරික් බග්දාද්)

කාන්තාවන් චර්මච්ඡේදනය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය මෙම හදීසය තුළින් පැහැදිලිව සඳහන් වී ඇත. 

“පිටතින් කපා ඉවත් නොකරන්න, ගැඹුරින් කපා ඉවත් නොකරන්න” (අෂිම්මි ව-ලා-තන්හකි) යන යෙදුම තේරුම් ගත යුත්තේ භගශිශ්නිකාව ආවරණය වන සම ඉවත් කිරීමේ අර්ථයෙන් මිස භගශිශ්නිකාව ඉවත් කිරීමක් නොවේ. මෙහි භාවිතා කරන අෂිම්මි යන වචනය පැහැදිලි වන අතර ‘ලා තන්හකි’ යන්නෙහි තේරුම ‘ගැඹුරට කපන්න එපා’, ‘උදුරා නොගන්න’ යනු භගශිශ්නිකාවට හානියක් සිදුකිරීම වැළක්විය යුතු බව පැහැදිලි කරන නියෝගයකි. මේ අනුව නබි (සල්) තුමාණන්ගේ නියෝගය වන්නේ භගශිශ්නිකාවේ පෙර සම ඉවත් කිරීමට පමණක් වන අතර ඕනෑම ආකාරයකින් භගමණියට හානි සිදු කිරීම මෙයින් තහනම් කර ඇත.

“එය මුහුණේ අලංකාරය (වඩාත් පැහැදිලි දීප්තිය හෝ ආලෝකය)” (අෂ්රක් ලි-ල්-වජ්හ්) යන ප්‍රකාශය මෙය සඳහා වන කදිම සාක්ෂියකි. මන්දයත්, සතුටින් පිරි මුහුණක් මෙයින් අදහස් කරන්නා බව වටහා ගත යුතු අතර, තම ස්වාමිපුරුෂයා සමග ලිංගික සංසර්ගයේ යෙදෙන විට පූර්ණ තෘප්තිය ලබා ගැනීමෙන් පෙළගස්වන කාන්තාවකගේ දීප්තිමත් මුහුණ ලෙස ද එය පැහැදිලි කළ හැක. මුහුණේ දීප්තිය හෝ අලංකාරය යන අරුතය ලබා දෙන (අෂ්රක් ලිල් වජ්හ්) යෙදුමට ගැඹුරු අදහසක් ලබා දෙන අහ්වා ලි’ල් මර්අ (ස්ත්‍රියකු අත් විඳින උච්චතම සතුටක) යන යෙදුමක් වෙනත් නබි වදනක  භාවිතා කොට ඇත. එය ස්වාමි පුරුෂයාට වඩාත් ප්‍රියමනාප ය යන යෙදුම නබි (සල්) තුමාණෝ භාවිතා කිරීයෙන් පැහැදිලිවම අදහස් කරන්නේ ස්වාමි පුරුෂයාද බිරිඳද සමාන ලිංගික ආශ්වාදය ලැබීම පිළිබඳව ය.  ස්වාමිපුරුෂයා හා සමාන ලිංගික ආශ්වාදයක් බිරිඳටද ලැබෙන විට (සමහරවිට ස්වාමි පුරුෂයාට වඩා අධික ආශ්වාදයක් ලැබෙන විට) ඇගේ පූර්ණ ලිංගික තෘප්තිය වෙනුවෙන් ස්වාමිපුරුෂයා වැඩි වශයෙන් වෙහෙස දැරීමට අවශ්‍ය වන්නේ නැත. සැබෑ ලිංගික තෘප්තිය සාක්ෂාත් කරගත හැක්කේ භගමනයේ ප්‍රපූටිය ඉවත් කිරීමෙන් පමණක් බව මෙයින් අදහස් වේ.

උත්තේජනයට බාධාවක් ලෙස චර්මච්ඡේදනය නොවූ භගමණියෙහි ප්‍රපූටිය ක්‍රියා කරන බවත් චර්මඡේදනය කරන ලද භගහනය සෘජුව හෝ උපායශීලී සම්බන්ධතා හේතුවෙන් උත්තේජනය වීමට අධික ඉඩ ඇති බැවින් මෙම පිළිවෙත ලිංගික සම්බන්ධතා වල කාන්තාවන් තුළ ලිංගික උත්තේජනය වැඩිකර ලිංගික සතුට විඳින්න පුළුවන්ය. මෙය අනිවාර්යයෙන්ම කාන්තාවන් අතර සතුටුදායක ලිංගික ජීවිතයක් ගත කිරීමට හේතු වන අතර එමඟින් ඔවුන්ගේ නිර්මලකම ද සහතික කෙරේ. නීති ක්ෂේත්‍රයේ පැරැණි විද්වතුන් අතිශයින්ම දේවදූතයාණන්ගේ මෙම එක් ප්‍රකාශයකින් ඔවුන් සැබවින්ම අවම කර ගත්හ. ඔවුන් නිගමනය කළ තවත් හේතුවක් බව දේව දූතයාණන් පිරිමි සහ කාන්තා චර්මච්ඡේදනය හැඳින්වීමට “කිතාන්” යන යෙදුම භාවිතා කිරීමයි. කාන්තා චර්මච්ඡේදනය පිරිමි චර්මච්ඡේදනයට සමාන විය යුතු අතර, භගමණියෙහි ප්‍රපූටිය පමණක් ඉවත් කිරීම මෙහි අනිවාර්ය වන්නා බවත් මෙයින් පැහැදිලි වේ.

සෞඛ්ය සුබ සිද්ධින්

පිරිමි චර්මච්ඡේදනය මගින් සැලකිය යුතු සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබෙනු ඇති අතර එය හා සමාන ප්‍රතිලාභ කාන්තාවන්ට ද කාන්තා චර්මඡේදනය (සමාන පිළිවෙත, භගමනයෙහි ප්‍රපූටිය ඉවත් කිරීම) මගින් ලැබෙනු ඇත. කාන්තාවන්ගේ භගමණිය මූලික වශයෙන් පුරුෂයාගේ ශිෂේණයට අනුරූප ඉන්ද්‍රියයකි. කාන්තා හා පිරිමි ලිංගේන්ද්‍රිය වල හිස කොටස සහ මස් කැබැල්ල ආවරණය කරන සමක් හෝ ප්‍රපූටියක් තිබේ. කාන්තා භගමණිය ප්‍රපූටිය පිරිමි ශිශ්නයේ පෙර සමට බෙහෙවින්ම සමානය.

විවිධාකාර ගුණයකින් හා කාන්තාවන්ගේ භගමණියෙහි අර්ධ සැඟවුනු පිහිටීම හේතුවෙන් ඔවුන්ගේ ලිංගික සනීපාරක්ෂාව පිරිමින්ට වඩා දුර්වල බව සොයාගෙන ඇත. වෛද්‍ය එඩ්වින් ඩී. හර්ෂ් විසින් 1962 දී ප්‍රකාශයට පත් කරන ලද ලිංගික භීතිය නම් පොතේ ඒ පිළිබඳව පවසා ඇති කරුණු කාරණා මෙහි සලකා බැලීම වැදගත් වේ: " 'වළලනු ලැබූ' හෝ සැඟවුණු භගමණිය යනු ලිංගික නිර්වින්දනය සඳහා පොදු ව්‍යුහ විද්‍යාත්මක සාධකයකි. බොහෝ විට මෙය සිදුවන්නේ භගමණිය සනීපාරක්ෂාව නොමැතිකම හේතුවෙනි. මෙය හේතුකාරක සාධකයක් බව අපි කවුරුත් දනිමු. මක්නිසාද යත්, සැඟවුනු භගමණියෙහි ප්‍රපූටිය ඒ මත වැඩී ඇති පටක කෙඳි වෙන් කිරීමෙන් ඔසවනු ලැබීම ය. දුර්ගන්ධයෙන් යුත් ස්‍රාවය (ස්මෙග්මා) මෙම ව්‍යුහය වටා සෑදෙනු ඇති භැවිනි ”. අප කැමති වුවත් නැතත්, ඉහත පෙන්වා ඇති පරිදි පැහැදිලිව පෙනෙන කායික විද්‍යාත්මක වෙනස්කම් මත කාන්තාවන්ගේ භගමණියෙහි ව්‍යුහය හේතුවෙන් කාන්තාවන්ට වඩා පිරිමින්ට සිය ස්මේග්මා සෑදෙන විට පෙරසම ඉවත් කර පිරිසිදු කිරීම පහසුය.    

කාන්තාවන්ට ස්මෙග්මා හි අහිතකර බලපෑම් පිළිබඳ වැඩිදුර අධ්‍යයනය 1950 ගණන්වල සිට සී. එෆ්.  මැක්ඩොනල්ඩ් 1958 සැප්තැම්බරයේ “සාමාන්‍ය වෛද්‍යවරයා” වෛද්‍ය සඟරාවේ විසින් ප්‍රකාශයට පත් කරන ලද “ස්ත්‍රියගේ චර්මච්ඡේදනය” නම් ලිපියේ මෙසේ තර්ක විතර්ක පළ කළේය: “පිරිමියාට පිරිසිදුකම හා සනීපාරක්ෂාව සඳහා චර්මච්ඡේදනය අවශ්‍ය නම්, එය කාන්තාවන්ට අවශ්‍ය නොවේද?”  “පිරිමි චර්මච්ඡේදනය සඳහා අදාළ වන හේතුසාධක සාමාන්‍යයෙන් කාන්තාවන් හා සම්බන්ධව සලකා බලන විටද වලංගු වේ” යනුවෙන් පවසන ලදී.  චර්මච්ඡේදනය මගින් අහවල් සාධකය ඉවත් කළ විට අපවිත්‍ර වූ ස්මෙග්මා, තබා ඇති ස්මේග්මා සහ ස්මේග්මාලිත් වැනි තත්ත්වයන් ගණනාවක් මැක්ඩොනල්ඩ් විසින් හඳුනා ගන්නා ලදී.

චර්මච්ඡේදනය නොවූ කුඩා පිරිමි හා ගැහැණු ළමයින්ට මුත්රා මාර්ගයෙහි ආසාදනය (යූ.ටී.අයි)  නිතර නිතර සිදු වීම බොහෝ විට භගශිෂ්නිකාව යට ස්මේග්මා සෑදීම හේතුවෙන් විය හැකි බව වඩාත් මෑතකදී වෛද්‍ය රෝයල් බෙන්සන් සහ අනෙකුත් එක්සත් ජනපද වෛද්‍යවරුන් විසින් සොයා ඇත. එයට විසඳුමක් වශයෙන් ඔවන් ‘හූඩෙක්ටෝමි’ හෙවත් භගමණියෙහි පෙර සම ඉවත් කිරීමේ ක්‍රමය හඳුන්වා දුන්නෝය. එය භගමණිය ආවරණය කරන සම ඉවත් කිරීමයි. වෙනත් ආකාරයකින් කිවහොත්, ස්මෙග්මා සමුච්චය වීම ස්ථීරවම වැළක්වීම සඳහා භගමණිය ආවරණය කරන ප්‍රපූටිය ඉවත් කිරීමයි.

මෙය පිළිබඳව ඔහු සම්මුඛ සාකච්ඡාවකදී පැවසූ කරුණු කාරණා මෙහි වාචිකව උපුටා දක්වමි:

 “එය කලාතුරකින් කතාබහට ලක්වන නමුත් නිතර මුත්රා මාර්ගය ආසාදන හා නිතර ආසාදනය ඇති සමහර කාන්තාවන්ට එම තත්ත්වයන් හූඩෙක්ටෝමි ප්‍රතිකාරයකින් පසුව විසඳන බව පෙනේ. සත්‍ය වශයෙන්ම, යමෙකුට මෙම කොටසෙහි අතිරික්ත පටක සැලකිය යුතු ප්‍රමාණයක් තිබේ නම්;  මෙම අතිරික්ත පටක අතිරික්ත බැක්ටීරියා සෑදීම සමඟ සෞඛ්ය ගැටළුවක් ඇති කළ හැකි අතර එමඟින් මෙම ස්ත්‍රී ලිංගේන්ද්‍රිය ආසාදන ඇතිවීමේ හැකියාව වැඩි කරයි යන්න මෙහි පසුබිම ඇති න්‍යාය බව සැලැකේ. මෙය ශල්‍යකර්මය සිදු කිරීමෙන් අනතුරුව බොහෝ රෝගීන්ට පැය 36 ක තුළ නැවත සාමාන්‍ය ක්‍රියාකාරකම් වල යෙදිය හැකිය. සෑම අවස්ථාවකම, ශල්‍යකර්ම අතරතුර ඔවුන්ට කිසි විටෙකත් වේදනාවක් දැනෙන්නේ නැත. අයිස් ඇසුරුම් ලබා දෙනු ලබන අතර සමහර විට, විශේෂයෙන් සංවේදී කාන්තාවන් සඳහා, අපි මෘදු වේදනා නාශකයක් ලබා දෙන්නෙමු, සාමාන්‍යයෙන් මුඛය මාර්ගයෙන් එය ලබා දෙනු ඇත. මා වෙත පැමිණ මෙම ශල්‍යකර්මය සිදුකරමින් ගුවන් තොටුපළට ගොස් ගෙදර යාමට බොහෝ කාන්තාවන් සිටී. එහි කිසියම් හෝ ප්‍රශ්නයක් නැත ”. (III වෛද්‍ය රෝයල් බෙන්සන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් -ශල්‍ය වෛද්‍යවරයකු- ක්ලිටෝරල් හූඩ් ශල්‍යකර්ම සිය ගණනක් සිදු කළය)

කාන්තා චර්මච්ඡේදනය මගින් මුඛ පිළිකා සම්ප්‍රේෂණය වීම වළක්වයි – එච්.පී.වී (හියුමන් පැපිලෝමා වෛරස්) චර්මච්ඡේදනය නොවූ කාන්තාවන්ගෙන් ඔවුන් සමඟ ලිංගික මුඛ සංසර්ගයේ යෙදෙන පිරිමි හවුල්කරුවන් වෙත මෙම පිළිකාව සම්ප්‍රේෂණය වේ.  මුඛ පිළිකා සඳහා ප්‍රබලම අවදානම් සාධකය HPV ආසාදනය බව මෞරා ගිලිසන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් මෑතකදී නිව් එංගලන්ත වෛද්‍ය සඟරාවේ වාර්තා කළේය.  මුඛ HPV ආසාදනය සඳහා ප්‍රධාන සංක්‍රාන්තිය වන්නේ කුනිලින්ගස් ඇතුළු මුඛ ලිංගික සංසර්ගය බව එම කණ්ඩායම විසින් සොයා ගන්නා ලදී.  කුනිලින්ගස් යන්නෙන් අදහස් කරන්නේ කාන්තාවකගේ ලිංගික අවයවවල මුඛ උත්තේජනයයි.  1974 සිට 2007 දක්වා එක්සත් ජනපදයේ මුඛ පිළිකා රෝගීන්ගෙන් සියයට 225 ක වැඩිවීමක් පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත. ඔහියෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ මෞරා ගිලිසන් මෙසේ පැවසීය: “එක්සත් ජනපදයේ මුඛ පිළිකා වැඩිවීම ප්‍රධාන වශයෙන් තරුණ සුදු පිරිමින් වන අතර එයට හේතුව කුමක්දැයි අපි නොදනිමු”.  ලේක් සක්සස් හි උතුරු වෙරළේ LIJ පිළිකා ආයතනයේ ප්‍රධාන හා බෙල්ලේ ඔන්කොලොජි මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩෙනිස් ක්‍රවුස් මේ ගැන මෙසේ පවසා ඇත: “එය බොහෝ විට කාන්තාවන්ගෙන් පිරිමින්ට සම්ප්‍රේෂණය වේ”.

දැන්, පිරිමින්ට HPV වෛරසය ආසාදනය වීමේ පවතින එකම ක්‍රමය කෙනෙකුගේ සහකරුගේ භගමණිය වාචිකව උත්තේජනය කිරීම ය. එමගින් ආසාදනය වන වෛරසය මුඛයේ ඇති ශ්ලේෂ්මල කුහර වලට ඇතුළු වීමෙන් පිළිකාවක් ඇති වීමට  ඉඩ සලසයි. HPV වයිරසය කාන්තාවන්ගේ භගමණිය ප්‍රපූටියෙහි සුහද තැනක් සොයා ගනිමින් එහි බෝ වන සේම කාන්තාවන් තුළ ගැබ්ගෙල පිළිකා ඇතිවීම සම්ප්‍රේෂණය කිරීම තුළින් පිරිමින්ගේ ශිෂ්නයේ පෙරසම තුළද මෙම වෛරසය ආසාදනය වේ. ප්‍රබල නළුවෙකු වන මයිකල් ඩග්ලස් මෑතකදී හෙළි කළ ප්‍රකාශයකට අනුව ඔහුට උගුරේ පිළිකාව ඇති වීමට දුම්පානය හෝ මත්ද්‍රව්‍ය හේතු නොවන අතර කාන්තාවන් සමග මුඛ සංවාසයේ යෙදීමෙන් HPV (Human Papillomavirus) වෛරසය වැළඳී ඇති බව තහවුරු වේ. මේ අනුව, වෛරසය වර්ධනය වන ප්‍රදේශය ඉවත් කිරීම වන හුඩෙක්ටොමි ප්‍රතිකාරය මගින් මෙයට විසඳුමක් ලබා දිය හැකි අතර එමඟින් ඔවුන්ගේ පිරිමි හවුල්කරුවන් මුඛ පිළිකා අවදානමෙන්ද ආරක්ෂා කරයි.

මා හමු වූ අන්තර්ජාල ලිපි සහ දේශන කිහිපයක සඳහන් කර ඇති තවත් වලංගු හේතුවක් තිබේ.  එමඟින් භගමණිය යටින් ඇති ස්මෙග්මා සෑදීම හා සම්බන්ධ අප්රසන්න සුවඳ වළක්වා ගත හැකිය. බහුලව පිරිමින් ලිංගික සම්බන්ධතා වල යෙදෙන විට අප්රසන්න ගන්ධයන් ඔවුන් තුළ පවතින ලිංගික හැඟීම් සහ මුඛ සංසර්ගය පිළිබඳ ආසාව ද පහව කරනු ඇත. (කෙනෙකුගේ සහකරු සබන් හෝ සුවඳ විලවුන් සහ ද්‍රව්‍ය යොදා භගමණිය සෝදා පිරිසිදු නොකළහොත්). එපමණක් නොව, පැරණි දිනවල, බග්දාද් හි අබ්බාසිය රජ කාලයේ දී මෙන්, අචර්මච්ඡේදිත කාන්තාවක් බොහෝ විට ලග්නා හෝ ‘නරක සුවඳ’ (තාරික්, යාකූබි) ලෙස හැඳින්විය. එසේ නම්, සුළු සැත්කමකින් එය ස්ථිරවම නිවැරදි කළ විට ලිංගික ප්‍රීතිය එහි පිරිසිදු ස්වරූපයෙන් ආරක්ෂා කර ගත හැකි වන විට මේ සියල්ල සාමාන්‍ය දෙයක් බවට පත් වේ.

ලිංගික ජීවිත සපුරාලීම

කාන්තා චර්මඡේදනය මගින් කාන්තාවන්ගේ ලිංගික තෘප්තිය අවම කිරීමේ බලපෑමක් ඇති බව බොහෝ විට විරුද්ධවාදීන් විසින් ප්‍රකාශ කරනු ලැබේ. මක්නිසාදයත්, ඔවුන් හුදෙක් ඒ පිළිබඳ වැඩිදුර හැදෑරීමට අකමැති නිසා හෝ ඉස්ලාමීය ස්වරූපය නොසලකා හැර සමහර අප්‍රිකානු රටවල ක්‍රියාත්මක වන ක්ලිටරිඩෙක්ටොමී සහ ඉන්ෆිබියුලේෂන් වැනි ඉස්ලාමය පෙන්වා නොදුන් කාන්තා ලිංගිකත්වයට අහිතකර පුරුදු සලකා ඇති බවයි.

සුන්නාව ලෙස හැඳින්වෙන ඉස්ලාමීය ස්වරූපය මෙම හානිකර ස්වරූපයන්ගෙන් වෙන් කොට දැක්විය යුතු යැයි ඔවුන් නොසිතන්නේ නම් එහි ප්‍රතිවිරුද්ධ බලපෑමක් ඇති කළ හැකි වෙනත් සාධකයක් තිබේ. සත්‍ය වශයෙන්ම එය ලිංගික ක්‍රියාව අතරතුර කාන්තාවන්ගේ ලිංගික තෘප්තිය අඩු කිරීමට වඩා වැඩි කිරීමට දායක වේ. එමෙන්ම මෙම සැත්කම බටහිර කාන්තාවන් අතර ජනප්‍රිය වෙමින් පවතී, විශේෂයෙන් ඇමරිකානු කාන්තාවන් අතර මෙම ක්‍රමය ප්‍රසිද්ධියේ හූඩෙක්ටෝමි ලෙස හැඳින්වේ.

භගමණිය වැස්ම (Clitoral hood) තිබීම නිසා කාන්තාවන් විශාල සංඛ්යාවක් ලිංගික අතීසාරය අත්විඳින බව මෑත කාලීන අධ්යයනයනවලින් හෙළි වී ඇත. එක්සත් ජනපදයේ කාන්තාවන්ගෙන් සියයට 40 කට වඩා අධික පිරිසකට යම් ආකාරයක ලිංගික ගැටලුවක් ඇති බව ඇමරිකානු වෛද්‍ය සංගමයේ අධ්‍යයන සඟරාවක පළ වූ අධ්‍යයනයකට අනුව තහවුරු වේ.

කැරොල් එසෙල් (ව්‍යුහ විද්‍යාව හා ලිංගික දුර්වලතා. විද්‍යාත්මක ඇමරිකානු. ඔක් 2000) වලින්ම එම ප්‍රශ්නයට මෙසේ පිළිතුරු සපයයි:

“සමහර කාන්තාවන් හට ව්‍යවච්ඡෙදක හෝ ශාරිරික ආබාධයක් ඇතිවිය හැකි බව නව අධ්‍යයනයකින් හෙළි වේ. බොස්ටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයන්ගේ වාර්තාවකට අනුව, ලිංගික අතීසාරය සඳහා ඔවුන් ප්‍රතිකාර කළ කාන්තාවන්ගෙන් හතරෙන් එකක් පමණ රෝගීන් භගමණිය රෞධ්‍යයෙන් (Clitoral Phimosis) පෙළෙන බව දක්නට ලැබේ. එයින් අදහස් කරන්නේ ඔවුන්ගේ භගමණිය ප්‍රපූටිය වන පෙර සම ඉතා තදින් හෝ උත්තේජනය සඳහා නෙරා යාමට සමෙහි විවරයක් නොමැති බවයි.

එලෙසම සාරා බී. රොඩ්‍රිගුස් (ලිංගික චිකිත්සාව ලෙස ගැහැණු චර්මච්ඡේදනය: ප්ලාස්ටික් සැත්කම් වල අතීතය සහ අනාගතය?) යන කෘතියෙහි මෙසේ විමසයි: “බොහෝ කාන්තාවන් තම සහකරුවන් සමඟ පූර්ණ ලිංගික තෘප්තිය ලබාගැනීමෙහි අපොහොසත් වීමට ඔවුන්ගේ භගමණිය බව සැලැකිය හැකිද? තවදුරටත්, ඇය පවසන්නේ ශතවර්ෂයකට අධික කාලයක් තිස්සේ සමහර වෛද්‍යවරුන් විසින් තම ස්වාමිපුරුෂයා සමඟ ලිංගික සංෂෝභය ලබා ගැනීමට අපොහොසත් වීම පිළිබඳව භගමණිය ප්‍රපූටිය ඉවත් කිරීමට හේතු වූ බවයි.  “භගමණිය ප්‍රපූටිය ඉවත් කිරීමෙන්, සමහර වෛද්‍යවරුන් (මෙන්ම වෛද්‍යවරුන් නොවන) මෙයට විසඳුමක් ලැබෙනු ඇතැයි සිතුවේ, විනිවිද පෙනෙන සංසර්ගයේදී ක්ලිටරිස් නිරාවරණය වනු ඇති බවත්, එමඟින් ඍජු උත්තේජනයක් ලැබෙනු ඇති බවත්ය. එක්සත් ජනපදයේ උපන්, මධ්‍යම හා ඉහළ පංතියේ කාන්තාවන්ට සංස්කෘතික වශයෙන් සුදුසු යැයි සැලකෙන ලිංගික හැසිරීම පවත්වා ගැනීම (හෝ අනුකූල වීම) සඳහා වෛද්‍යවරු සිදු කළ අතර සමහර කාන්තාවන් හෝ ඔවුන්ගේ කලත්‍රයන් ගැහැණු චර්මච්ඡේදනය කිරීමට උත්සාහ කළහ: ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් සමඟ ලිංගික සංක්ෂෝභය වීම සඳහා ”.

කාන්තාවන්ගේ ලිංගික උත්තේජනය වර්ධනය කිරීමට දායක වන කාන්තා චර්මඡේදනයේ වැදගත්කම පිළිබඳ තොරතුරු ජනප්‍රිය ප්‍රකාශනවල ද විධිමත් ලෙස පෙනෙන්නට පටන් ගත් බව සාරා පවසයි. ‘ප්ලේගර්ල්’ යන කෘතිය මගින් කැතරින් කෙලිසන් ඇගේ චර්මච්ඡේදනය සහ ශල්‍යකර්මයෙන් පසුව ඇයට පහසුවෙන් ලිංගික ආශ්වාදය ලබා ගත හැකි වූ ආකාරය පිළිබඳව ලිවීය. ඇයගේ භගමණිය වැස්ම ඉවත් කළ නාරිවේද විශේෂඥ කෙලිසන්ට පැවසුවේ ඇස්තමේන්තුගත කාන්තාවන්ගෙන් හතරෙන් තුනක්ම භගමණිය වැස්ම හේතුවෙන් ලිංගික ආශ්වාදය ලබා ගැනීමට නොහැකි වූ බවත් චර්මච්ඡේදනය මෙම තත්ත්වයෙන් මිදීමට විසඳුම බවත්ය. වෛද්‍යවරයා කෙලිසන්ට පවසා ඇත්තේ ඇයගේ භගමණිය වැස්ම ඉවත් කිරීමෙන් ප්‍රයෝජන ලැබිය හැකි බවත්, එම සැත්කමින් පසුව කෙලීසන් ලිවුවේ ශල්‍යකර්මයෙන් පසුව ලිංගික ආශ්වාදය ලබා ගැනීම පහසු බවත්ය.

නමුත් මේ සියල්ලටම වඩා, එකල මාධ්‍ය විසින් අමුතු ලෙස නොසලකා හරින ලද මෙම සැත්කමේ ප්‍රතිලාභ පිළිබඳව වසර පනහක දීර්ඝ කාලයක් මුලුල්ලේ විද්වත් වෛද්‍ය සඟරාවල පළ වූ ලිපිලේඛන රාශියක් තිබේ. පැරණි සී. එෆ්.  මැක්ඩොනල්ඩ්ගේ “කාන්තා චර්මච්ඡේදනය” 1958 සැප්තැම්බර් මාසයේ සාමාන්‍ය වෛද්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදී. මැක්ඩොනල්ඩ් සමහර වැඩිවියට පැමිණි කාන්තාවන් ඇතුළු රෝගීන් 40 දෙනෙකුට මෙම චර්මච්ඡේදනය කර ඇතැයි එම වාර්තාව හෙළි කරයි. භගමණිය වැස්ම යටින් රෝසරි වැනි ආබාධ සමූහයක් පරීක්ෂාවෙන් හෙළි වූ බවත් ස්මෙග්මාලිත් හේතුවෙන් ඇති වන ඩිස්පරේනියාව (වේදනාකාරී සංසර්ගය) සහ ෆ්‍රිජිඩිටි (කාන්තාවන් තුළ ලිංගික ආශ්වාදය ලබා ගැනීමේ පවතින අපහසුතාවය) වැනි රෝගවලින් පෙළෙන රෝගීන් කිහිප දෙනෙකු ඔහු විසින් සුව කිරීමට හැකි විය. අපවිත්‍ර ස්මෙග්මා, රිටයින්ඩ් ස්මෙග්මා හෝ ස්මෙග්මලිත් නිසා ඇතිවන රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් එම රෝගයට හේතුවන සාධක ඉවත් කරන විට සුවය ලැබෙන බව ඔහු ලිවීය. මෙම සැත්කම සම්පූර්ණ කළ වැඩිවියට පැමිණි කාන්තාවන් පිළිබඳව ඔහු මෙසේ පවසයි. “ස්තුතිවන්ත රෝගීන්ට එහි ප්‍රතිඵලය ලැබුණි. ඔවුන්ගේ ජීවිතයේ පළමු වතාවට ලිංගික අභිලාෂයන් සාමාන්‍යය ලෙස තෘප්තිමත් විය.”

තවත් එක්සත් ජනපද ශල්‍ය වෛද්‍ය ඩබ්ලිව්. ජී. රත්මන් (කාන්තා චර්මච්ඡේදනය, දර්ශක සහ නව තාක්‍ෂණය. ”සාමාන්‍ය වෛද්‍ය 1959 සැප්තැම්බර්) ඔහු විසින් භගමණිය වැස්ම ඉවත් කිරීමේ සැත්කම් සම්පූර්ණ කළ කාන්තාවන් වෙත ප්‍රශ්නාවලියක් යවන ලද අතර එයින් පිලිතුරු 112 ක් ලබාගත හැකි.විය.  ශල්‍යකර්මයට පෙර කිසි විටෙකත් ලිංගික ආශ්වාදයක් අත්විඳ නැති බව වාර්තා වූ කාන්තාවන් 72 දෙනාගෙන් 64 [87.6%] ක් සැත්කමෙන් පසු ලිංගික ආශ්වාදය සාර්ථක ලෙස අත්කර ගත් බව වාර්තා කළහ.  තම කාර්යාලයට පැමිණීමට පෙර දික්කසාද පහක් ලබා සිටි වයස අවුරුදු 34 ක් වූ බී. ජී. මහත්මියගේ සිද්ධිය උපුටා දක්වමින් රත්මන් එය පිළිබඳව ද සඳහන් කරයි. චර්මඡේදනය කිරීමෙන් පසු ඇය දික්කසාද වූ අවසන් පුරුෂයා නැවත විවාහ කර ගත් අතර ඉන් පසුව ලිංගික ගැටලුවක් ඇති නොවුනු බවත් සඳහන් කළේය. “හොඳ ස්වාමිපුරුෂයන් හතර දෙනෙකු අහිමි කළ බවත්” අවසානයේ ඇය විසින් පැවැසීය.  ඔවුන් සමඟ ලිංගික ප්‍රීතිය භුක්ති විඳීමට ඇයට නොහැකි වූ නිසා, චර්මච්ඡේදනයෙන් පහසුවෙන් ප්‍රතිකාර කළ හැකි යන කොන්දේසිය ඇය කලින් දැන සිටියා නම් මෙවැනි තත්ත්වයක් ඇයට ඇතිවන්නේද නැත යනුවෙන් පැවැසීය.

තවත් ශල්‍ය වෛද්‍ය ලියෝ වොල්මන් (සැඟවුණු භගමණිය: මූලික වාර්තාව. ”ඇමරිකානු මනෝවිද්‍යාත්මක දන්ත වෛද්‍ය හා වෛද්‍ය සංගමයේ සඟරාව 1973) වාර්තා කළේ ඔහු ප්‍රතිකාර කළ කාන්තාවන් 100 දෙනාගෙන් 49 දෙනෙකුට ප්‍රතිකාර කිරීමෙන් පෙර ලිංගික ආශ්වාදය ලබා ගැනීමට හැකි වූ බවත් ශල්‍යකර්මයෙන් පසුව ලිංගික ආශ්වාදය වර්ධනය වූ බව වේගවත් වූ බව 92 ක් වාර්තා විය.  වසර කිහිපයකට පසු වෛද්‍ය ටේකි ක්‍රිස්ට් සිය ලිපියේ “ස්ත්‍රී චර්මච්ඡේදනය” මානව ලිංගිකත්වය පිළිබඳ වෛද්‍ය දැක්ම සඳහා දායක වූවන් බව 1977 අගෝස්තු මාසයේදී ඔහු කාන්තාවන් පහළොස් දෙනෙකුට භගමණිය වැස්ම ඉවත් කිරීමේ සැත්කම සිදු කර ඇති බවත් “මෙම ක්‍රියා ශල්‍යකර්මය සම්පූර්ණ කළ රෝගීන් සාමාන්‍යයෙන් අදහස් දක්වා ඇත්තේ  ලිංගික ආශ්වාදය මෙයින් වර්ධනය වූ බවත් සඳහන් කර ඇත. ”

වඩාත් මෑතකදී, 1991 වර්ෂයේ වෛද්‍ය අයිරින් ඇන්ඩර්සන් ඇයගේම භගමණිය වැස්ම ඉවත් කිරීම පිළිබඳ වාර්තාවක්  පළ කළ අතර මෙක්සිකෝවේ ඇයගේ ශල්‍යකර්ම වෘත්තියේදී භගමණිය වැස්ම ඉවත් කිරීමේ සැත්කම් සියයකට ආසන්න ප්‍රමාණයක් සිදු කිරීමට අමතරව:

මට එය [සිය භගමණිය වැස්ම ඉවත් කිරීම] 1991 නොවැම්බර් මාසයේ සිදුව ඇත. හේතුව, මට කිසි විටෙකත් ලිංගික ආශ්වාදයක් ලබා ගැනීමට නොහැකි වීමයි. එබැවින් මගේ භගශිශ්නිකාවේ සංවේදීතාව වැඩි දියුණු කර එය ආවරණය කරනු ඇති වැස්ම ඉවත් කිරීමටද අවශ්‍ය විය. එහි ප්‍රතිඵලය විශිෂ්ටයි. මගේ රෝගීන් සම්බන්ධයෙන්, සාර්ථකත්ව අනුපාතය ඉතා ඉහළ මට්ටමක පැවතුනි.  මම ඒ ආකාරයේ සැත්කම් සියයකට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇති අතර, ප්‍රතිඵලයෙන් රෝගීන් තිදෙනෙකු පමණක් සෑහීමකට පත් නොවීය.  සෑම කාන්තාවකටම, විශේෂයෙන් ලිංගික ආශ්වාදය ලබා ගැනීමට නොහැකි අයට මෙම ශල්‍ය කර්මය නිර්දේශ කරමි.

බොහෝ කාන්තාවන් එය දිගටම කරගෙන යන අතර එය නිෂ්ඵල දෙයක් නොවේ. මන්දයත්, එහි ප්‍රධාන වශයෙන් එය ප්‍රවර්ධනය කරන කාන්තාවන් වන කැරොල් හොරොවිට්ස් සහ මාමේ ටෙක්ලමාරියම් වැනි අය නව එංගලන්ත වෛද්‍ය සඟරාවට (1995 ජනවාරි) කාන්තා චර්මච්ඡේදනය පිළිබඳ දායකත්වයක් ලබා දෙමින් තර්ක කරති. පිරිමි චර්මච්ඡේදනයට සමාන නමුත් වැඩිවියට පැමිණි කාන්තාවන්ගේ ෆ්‍රිජිඩිටි රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා එක්සත් ජනපද වෛද්‍යවරුන් විසින් මෙම ක්‍රමය භාවිතා කර ඇත. එවිට ඩැනියෙල් ඊගන් (නිර්මාණකරු සයානිය අනාවරණය කර ගැනීම. චෝටලයින් 2006 ඔක්තෝබර් මස) භගමණිය වැස්ම ඉවත්කිරීමේ සැත්කම මගින් තුන් ගුණයකින් ලිංගික ආශ්වාදය වර්ධනය වන්නා බව මෙම සැත්කම සම්පූර්ණ කළ කාන්තාවන්ගේ වාර්තාවෙන් තහවුරු වේ.

අවසාන වශයෙන්, ඉස්ලාමය මනුෂ්‍යයන් කෙරෙහි පනවා ඇති නියෝග මානවයාගේ යහපත් උදෙසා යන සාරාංශගතව සඳහන් කළ හැක. පිරිමි චර්මච්ඡේදනය ප්‍රයෝජනවත් යැයි මීට වසර සියයකට පෙර සිතුවේ කවුද?  පසුකාලීනව එය නිසැකවම ඔප්පු විය. සෙමෙන් නමුත් නිසැකවම කාන්තා චර්මච්ඡේදනය කිරීමෙන් ඇතිවිය හැකි සුබ සිද්ධින් පිළිබඳ කදිම සාක්ෂි වැඩි වැඩියෙන් පවතී. අපගේ සෞඛ්‍යයට හෝ ලිංගික යහපැවැත්මට අහිතකර යමක් නියෝග කිරීම දෙවියන්ට අවශ්‍යද?  නිසැකවම නැත!

ඉස්ලාමීය පදනම අනුව එම මුස්ලිම්වරුන් සහ විශේෂයෙන් කාන්තාවන් – එය අනුගමනය කිරීම කිසි විටෙකත් අත්හරිනු ඇතැයි සිතිය නොහැක.  සියලු සාක්ෂි වලින් පෙනී යන්නේ මෙම පිළිවෙත නොඅඩු වන බවත්, දැඩි ආගමික දැනුමක් නිසා වර්ධනය වන බවත්ය. මේ අනුව, නිවැරදි පිළිවෙත පිළිබඳව ජනතාව, විශේෂයෙන් කාන්තාවන් දැනුවත් කිරීම අවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන්, මෙම පිළිවෙත වෛද්‍ය ප්‍රතිකාර කිරීමක් බවට පත් කිරීම මගින් හෝ ඉවත් කළ යුතු දේ නිවැරදි ලෙස ඉවත් කිරීම මගින් මෑතකදී ඉන්දුනීසියාව මේ පිළිබඳව ධනාත්මක පියවරක් ගනු ලැබේ. සත්‍ය වශයෙන්ම මෙයයි යා යුතු මාර්ගය.

කතෘ – ආසිෆ් හුසේන්

පරිවර්තනය: රිනාස් ලරිෆ්

Check Also

REWARD OF FEEDING A FASTING PERSON

PROPHET [Sal Allahu `Alaihi wa Sallam] said… “ Whoever feeds the person who is breaking …

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Discover more from Sri lanka Muslims Web Portal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading