කොවිඩ් 19 නව රැල්ල – තරුණ තරුණියන්යින් පවා දැඩි අවදානමක?

කොවිඩ් 19 නව රැල්ල – තරුණ තරුණියන්යින් පවා දැඩි අවදානමක?

කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේද ගණනාවක් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින මේ අවස්ථාවේ දී, බොහෝ රටවල තරුණ පිරිස් වැඩි වැඩියෙන් රෝගාතුර වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. ලංකාව තුළ ද පසුගිය දවස් කිහිපය තුළ නිරීක්ෂණය කරන ලද තත්ත්වය මේ හා සමානයි.

මෙයට අමතරව, දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවකට බරපතළ ශ්වසන අපහසුතා වාර්තාවීමත් දැඩි සත්කාර ඒකක වලට ඇතුල් කිරීමට සිදු වීමත් දක්නට ලැබෙන තවත් ප්‍රවණතාවයක්.

මෙවැනි පසුබිමක් තුළ අන්කවරදාකටත් වඩා රෝග නිවාරණ කටයුතු අකුරටම ඉටු කිරීමේ අවශ්‍යතාවයක් මතු වෙනවා. තරුණ මහලු සියලු දෙනා ඇතුළුව කුඩා දරුවන් ට වුවත් මෙම රෝගී තත්ත්වය වැළඳිය හැකි වාතාවරණයක් තුළ අවශ්‍යම කාරණයකට හැර තම නිවසෙන් බැහැර යෑම හැකිතාක් අවම කිරීමට සිදුවෙනවා. වර්තමානයේ සංසරණය වෙන ඇතැම් ප්‍රභේද මුලින් තිබූ ප්‍රභේදවලට වඩා වේගයෙන් පැතිරීමේ හැකියාවක් ඇති බවට ද මතයක් පවතිනවා. එම නිසා අනවශ්‍ය ලෙස සෙනග ගැවසෙන ස්ථානවල රැඳී සිටීම තමන්ගේ පමණක් නොව තම පවුලේ බාල මහලු සියලු දෙනාගේම ජීවිත අනතුරේ හෙලීමක් වනවා.

නිවසින් පිටව යන අවස්ථාවේ දී සෑම විටම මුව ආවරණයක් පැළඳීම වගේම නිතරම දෑත් පිරිසිදුව තබා ගැනීමත් ඉතාමත් ම වැදගත්.

පිරිස් රැස්වන ස්ථානවලට යෑම හැකිතාක් මගහැරීමට වග බලා ගන්නා අතර අත්‍යාවශ්‍යම කාරණයකට සෙනග ගැවසෙන ස්ථානයකට යාමට සිදු වුවහොත් හැකි ඉක්මනින් එම ස්ථානයෙන් පිට වීම ද රෝගය වැලඳීමේ අවදානම යම් තරමකට හෝ අඩුකර ගැනීමට හේතු වෙනවා.

මේ වසංගත තත්ත්වය කොයි තරම් කෙටි කාලයක් ඇතුළත ඉතා දරුණු මුහුණුවරක් ගත හැකිද යන කාරණය විදේශ රටවලින් අහන්න දකින්න ලැබෙන ප්‍රවෘත්තිවලින් පැහැදිලි වෙනවා. මේ එළඹෙන කාලය තුළ දී අපගේ හැසිරීම් රටාව, අප රටත් ඒ දිශානතියට ම ඇදී යනවාද ඉන් මිදී වඩා යහපත් හෙට දවසක් කරා යනවාදැයි තීරණය කරනවා ඇති.

Check Also

Smart Vaccination Certificate is issued ONLY for foreign travels from Sri Lanka

Request for Smart Vaccination Certificate

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Discover more from Sri lanka Muslims Web Portal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading