ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය සඳහා මුස්ලිම්වරු දැක්වූ දායකත්වය – ආසිෆ් හුසේන්

ශ්රී ලංකාවේ වෙසෙන මුස්ලිම්වරු රටේ ජාතික ප්රගමණයට දැක්වූ දායකත්වය අතිමහත්ය. දේශීය කාන්තාවන් සමග විවාහ සබඳතා පවත්වා ගනිමින් අරාබි වෙළෙන්දන්ගෙන් පැවත එන යෝනකයන් හෙවත් මුවර්වරු, දිවයිනේ නේකවිධ ක්ෂේත්ර වල දස්කම් දැක්වූවෝ වෙති. ඔවුන් විදේශයන්හි ජනප්රියත්වයට පාත්ර වූ සූපශාස්ත්රය, ඇඳුම් පැළඳුම් ආශ්රිත විලාසිතා සහ විසිතුරු භාණ්ඩ නිර්මාණයෙහිලා බෙහෙවින් දායක වූහ.
 
ඉන්දුනීසියානු දූපත් රාජ්යන් ඔස්සේ පැමිණි මැලේ ජාතිකයන් ද මෙරට ආහාරපාන , ඇඳුම් පැළඳුම් සහ ස්වර්ණාභරණ සඳහා පමණක් නොව විනෝදාංශ ලෙසින් හඳුන්වාදුන් ජනප්රිය ක්රීඩාවන් හඳුන්වා දීමට ද සමත් විය.
 
පුරාණ කාලයේ පටන් අරාබිවරු යනු ශ්රේෂ්ඨ නාවිකයින් සහ වෙළෙන්දන් වූ අතර ඈත අතීතයේ සිටම ශ්රී ලංකාව සමඟ නාවික හෝ මුහුදු මාර්ගයන් ඔස්සේ වෙළඳාමේ නිරත වූහ. ඔවුන් අශ්වයන්, සෙරමික් භාණ්ඩ වැනි විදේශයන්හි සිට සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය කළ අතර අනෙක් අතට මැණික් ගල්, කුළුබඩු සහ අලි ඇතුන් වැනි දේශීය නිෂ්පාදන අපනයනය කළහ. ඒ නිසා ඔවුන් මෙරට විසූ රජවරුන් සහ සාමාන්ය ජනතාව යන දෙඅංශය අතර බෙහෙවින් ප්රසිද්ධ විය.
 
එසේ පැමිණි අරාබි වෙළෙන්දන්ගෙන් සමහරක් මෙම සිත් ඇදගන්නාසුළු දිවයිනේ පදිංචි වූ අතර දේශීය සිංහල සහ දමිළ කතුන් හා විවාහ විය. ඔවුන් අප දිවයින හැඳින්වීම සඳහා භාවිත කළ එක් නාමයක් වූයේ “ජසීරතුල් යාකූත්” යන්නයි. ඇතැමුන් විශ්වාස කරන්නේ එය මාණික්යයන් සහ රූමත් කාන්තාවන්ගේ අර්ථයෙන් හැඳින්වූ වූ බවත් මනරම් යන අරුත එයට ලබා දුන් බවත්ය
 
ඒ අතරින් වඩාත් ආකර්ෂණිය වූයේ ශ්රී ලංකාව සරන්ඩිබ් නම් අපගේ පියා වූ ආදම් පාරාදීසයෙන් වැටීමෙන් පසු ඔහුගේ පළමු නිවහන මෙම දේශය බව විශ්වාස කිරීමයි. මන්නාරම, බේරුවල, ගාල්ල වැනි මුහුදුබඩ ප්රදේශවල අරාබිවරුන්ගේ මුල්ම ජනාවාස පැවතීම මගින් ඔවුන් නාවික වෙළෙඳුන් බව සනාථ වේ. මුහුදු මාර්ගයෙන් පැමිණි උදවිය සිය වාසස්ථාන තනා ගනිමින් මුහුදුබඩ හෝ සමුද්රාසන්නව පදිංචි වීම සාමාන්ය සිදුවීමකි.
 
ඔවුන් රට අභ්යන්තරයේ පදිංචි වූයේ පසුකාලීනව ය. යෝනකයින් නමින් හැඳින්වෙන ඔවුන්ගේ පරම්පරාව දමිළ බස සිය මව් බස බවට පත් වූයේ ඔවුන් මෙහි පදිංචි වූ විට අප දිවයින වටා වූ වෙරළ තීරයේ ආධිපත්යය දැරුවේ කරයාර් සහ මුක්කුවර් යන ධීවර ජනතාව වැනි දෙමළ කතා කරන ප්රජාවන් සමග මුසු වීම නිසාය. එහෙයින් ඔවුන් මෙහි පදිංචි වූ මුල් වකවානු වල දමිළ කතා කරන කාන්තාවන් සිය අඹුවන් ලෙස විවාහ කර ගෙන ඇත.
 
කෙසේ වෙතත්, ඔවුන්ගේ මුල් අරාබි හුරුවෙන් යුතු අරාබි වාග් මාලාව ඔවුන්ගේ පරම්පරාව අතර රැකිණි. ඒවාට සාක්ෂි වන්නේ අදටත් ඔවුන් කතා කරන දමිළ බස අතර ඇතැම් විට ‘අම්මා’ වැනි අර්ථයෙන් යුත් වචන සඳහා ”උම්මා” නම් අරාබි වචන භාවිත කිරීමයි. තවද පියා හෝ සීයා වැනි වචන සඳහා භාවිතා කරන අරාබි බසින් වූ ”බාබා” යන වචන වලින් බිඳී පැමිණ දමිළකරණය වූ ”වප්පා” වැනි මූලික වචන භාවිත වේ.
 
පසුකාලීනව මෙම අරාබිවරුන් රට අභ්යන්තරයට සංක්රමණය වීමත් සමඟ ඔවුන් සිංහල කාන්තාවන් ද විවාහ කර ගත්හ. පැරණි උඩරට රාජධානියේ අභ්යන්තර ප්රදේශවල පදිංචි වූ එම යෝනක ප්රජාව අකුරණ සහ ගෝපාල බෙහෙත්ගේ වැනි වෙද පරම්පරා ආදී පවුල් වල සිංහල කාන්තාවන් සමඟ අන්තර් විවාහ සම්ප්රදායන් පවත්වාගෙන ඇත. එවකට උඩරට අතර බෙහෙවින් ප්රචලිතව පැවති ‘බින්න’ හෙවත් බිරියගේ නිවසේ පදිංචියට යාමට ගිවිසුම්ගත වූ විවාහ ක්රම යටතේ අරබිවරුන්ගේ මුතුන් මිත්තන් භාරගත් සිංහල ජනතාව සිය ඉඩ කඩම් ඔවුන් සමග බෙදා හදාගෙන ඇත.
 
මින් අදහස් කරන්නේ සියලු යෝනකයන්ගේ පීතෘ පාරම්පරිකව අරාබි ජාතිකයන් නොවන බවත් මුල් යෝනක ප්රජාවේ ආරම්භය පමණක් අරාබි සම්භවයක් ඇති මිනිසුන්ගෙන් සමන්විත වූ නමුත් කාලයත් සමඟ මෙය ඉන්දියානු උපමහාද්වීපයෙන් මෙන්ම සිංහලයන් සමග ද පසුකාලීනව මිශ්ර වූ බවයි. ඒ අනුව ජානමය වශයෙන් වර්තමානයේ වෙසෙන යෝනකයන් බහුතරයක් සෙසු ස්වදේශීය ජනයා මෙන් දකුණු ආසියානු ජාන සම්භවයක් ඇති බව ඔප්පු වේ.
 
මෑත කාලීනව කළ ජාන විද්යාත්මක අධ්යයනවලින් පෙනී යන්නේ ඔවුන් දමිළ ජාතිකයන්ටත් වඩා ජානමය වශයෙන් සිංහලයන්ට ඉතා සමීප බවයි.
 
මුල් කාලීන අරාබිවරුන්ගේ බලපෑම
 
අප දිවයින ලෝකයේ සෙසු රටවල් අතර ප්රචලිත වීමට අරාබිවරුන් විශාල කාර්යභාරයක් ඉටු කර ඇත. විශේෂයෙන් මධ්යතන යුගයේදී ශ්රී ලංකාව සෙසු ලෝකයම දැන සිටියේ අරාබිවරුන්ගේ මෙරට අගමනයන් හරහාය. මෑතක් වන තුරුම අපව හැඳින්වූ ‘සිලෝන්’ යන නම සෑදී ඇත්තේ සුප්රසිද්ධ මොරොක්කෝ සංචාරක ඉබන් බතූතා ඇතුළු දහවන සිට දහහතරවන සියවසේ අරාබිවරුන් අපේ රට හඳුන්වා දුන් අරාබි සම්භවයක් ඇති ‘සෙයිලාන්’ යන නාමයෙනි.
 
පසුකාලීනව, දහසයවන සියවසේ සිට යුරෝපීය යටත් විජිත බලවතුන් වන පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්රීසි වැනි ජාතීන් ලංකාව සිලෝන් වැනි නම් වලින් හඳුන්වා ඇති බව අපට අසන්නට ලැබුණි. ඒවායෙන් පැහැදිලිවම ගම්යමාන වන්නේ මෙම පදවල මූලාරම්භය අරාබි බසින් වූ සෙයිලාන් යන වචනයෙන් යන්නයි. එපමණක් නොවේ. ශ්රී ලාංකිකයන් එනම් විශේෂයෙන් සිංහලයන් ලෝකයේ සෙසු බොහෝ තතු දැන සිටියේ අරාබි වරුන් හරහා ය.
 
ඊජිප්තුව සඳහා වන සම්භාව්ය සිංහල නාමය වන මිසරය නම් නාමය පැමිණියේ “මිස්ර්” නම් අරාබි යෙදුම මෙය වැඩිදුරටත් සනාථ කරයි. යුරෝපීය බලපෑම නිසා සිංහල බසින් ඊජිප්තුව යන නාමය භාවිතා කළේ පසුකාලීනව ය. එවිට නීග්රෝ හෝ කළු ජාතිකයා යන පැරණි සිංහල යෙදුම වන ‘කවිසි’ යන්න පැමිණෙන්නේ ‘හබෂි’ යන අරාබි වචනයෙන් වන අතර එහි වචනාර්ථයෙන් අබිසීනියානු හෝ ඉතියෝපියානුවන් යන්නයි.
 
සිංහල භාෂාවට අරාබි බලපෑම තවදුරටත් සමුද්ර වෙළෙඳාම හා සම්බන්ධ කරුණුවලින් දැකිය හැකිය. එනම් මෝසම හෙවත් මෝසම්-සුලං යන සිංහල බසින් හැඳින්වෙන මෝසම් කාලය යන වචනය පැමිණෙන්නේ අරාබි බසින් ”මව්සිම්” යන වචනයෙන් වන අතර එහි තේරුම ‘සමය’ යන්නයි. මෝසම් යනු මුහුදු ගමන් සහ සමුද්රීය වෙළඳාමේ භාවිත වන ‘සෘතුමය සුළං’ බැවින් ඒවා ‘වෙළඳ සුළං’ ලෙසද හැඳින්විය හැකිය. අරාබි සම්භවයක් ඇති මෙම ”මව්සිම්” වචනයට අවසානයේ දී මෝසම් යන අරුත ලබා දී සිංහලයට අනුගත විය.
 
තවද නාවික ක්ෂේත්රයේ තවත් ඉතා වැදගත් වචනයක් වන ‘මලිමාව’ යනු එදවස සිංහලෙන් ‘නාවිකයා’ යන අරුත දීමට භාවිතා වූ වචනය වන “‘මුඅලිම්” යන අරාබි වචනය වන අතර එහි අරුත වන්නේ නැවක නියමුවෙකු හෝ කපිතාන්වරයෙකු වේ. එම මුඅලිම් නම් නාවිකයන් දිශාව සොයා ගැනීම සඳහා භාවිත කළ උපකරණය පසුකාලීනව “මාලිමාව” ලෙසින් ජනවහරට එක්ව ඇත.
 
තවද වස්කෝ ද ගාමා නැඟෙනහිර දෙසට යාත්රා කිරීමට සහාය වූ මුස්ලිම් නාවිකයාගේ නම ‘මැලේමා කානා’ ලෙස හැඳින්වෙන අතර, එහි පළමු කොටස පැහැදිලිවම අරාබි ‘මුඅලිම්’ නම් මූල පදයෙන් බිඳී එයි. ඉදිරි මැතිවරණවලදී සැලකිය යුතු මැතිවරණ ජයග්රහණ අත්කර ගැනීමට අපේක්ෂා කරන ජාතික ජන බලයේ සංකේතය ලෙස දැන් පිළිගෙන ඇති මලිමාව හෝ මලිමා යන්ත්රය සඳහා සිංහල වචනයේ මූලාරම්භය වන්නේද එම වචනයයි.
 
අරාබි සහ යෝනක මුස්ලිම් ජනයාගේ සංස්කෘතික බලපෑම ශ්රී ලංකාව කෙරෙහි සැලකිය යුතු දායකත්වයක් දක්වා ඇත. මෙය ආහාර පාන වල පවා දක්නට ලැබේ. උදාහරණයක් ලෙස ‘පැණිරස’ යන අරුත ඇති ‘හල්වා’ යන අරාබි වචනයෙන් පැමිනෙන සිංහලෙන් හඳුන්වන ‘අලුවා’ රසකැවිලි එවන් උදාහරණයකි. මෙම අහාර වර්ග කලක පටන් සිංහලයන් අතර ප්රචලිතව පවතී. රොබට් නොක්ස් සිය Historical Relation of Ceylon (1681) කෘතියේ ලොසින්ජරයක් ආකාරයෙන් පැතලි රසකැවිලි ලෙස හඳුන්වා දෙන්නේ ඒවා ඔහුගේ කාලයේ උඩරට සිංහලයන් අතර ප්රචලිතව පැවති බව පෙන්වා දෙමිනි.
 
මස්කට්, හෙවත් පදම් කළ බටර්, තිරිඟු පිටි, සීනි සහ කජු සහ රතු, කොළ හෝ කහ වර්ණවලින් සාදන ලද තෙල් සහිත පැණිරස ආහාරය එහි නම ලබාගෙන ඇත්තේ ඕමාන් දේශයේ මස්කට් අගනුවර එවක එම රස කැවිලි ප්රසිද්ධ නිසා වන අතර එවක එම දේශයේ මෙම පැණිරස අහර විශාල ප්රමාණයකින් නිෂ්පාදනය කර නිසාවෙන් බව පෙනේ. ඇන්ඩෲ ක්රිච්ටන්ගේ අරාබි ඉතිහාසය (1833) යන සිය කෘතියේ මස්කට්හි ජනතාව “තිරිඟු, ගිතෙල් සහ ආමන්ඩ් සමඟ මී පැණි හෝ සීනි මිශ්ර කරමින් මෙම රසකැවිලි පිළියෙළ කරන බව පවසයි.
 
තවද සිංහලෙන් සරුවත් ලෙසින් හඳුන්වන පානය අදටත් මංතීරු දෙපස අලෙවි කුටිවල අලෙවි කරන ජනප්රිය පානයක් වන අතර එය ‘බීම’ යන අර්ථය ඇති අරාබි බසින් ‘ෂර්බාත්’ නම් වචනයෙන් පැමිණේ. මෙම පානය එදවස පටන් ජනප්රියය.
 
බෙන්ජමින් ක්ලෆ් සිය සිංහල-ඉංග්රීසි ශබ්දකෝෂයේ (1892) සරුවත් ‘ෂර්බට්’ ලෙස හඳුන්වා දී ඇත්තේ එය සෑහෙන කලක සිට සිංහලයන් අතර ප්රචලිතව තිබූ බවත් එය සියවස් ගණනාවක් ඈතට යා හැකි ඉතිහාසයක් ඇති නිසාවෙනි.
 
ඇඳුම් ආයිත්තම් සම්බන්ධයෙන් ගත් කල, අරාබි හෝ යෝනක වෙළෙන්දෝ ‘මොට්ටක්කිලිය’ මෙරටට හඳුන්වා දුන්හ, එය හිස සහ ශරීරයේ ඉහළ කොටස ආවරණය කිරීමට භාවිතා කරන සාළුවක් වන අතර එය එක් කාලයකදී උඩරට කාන්තාවන්ගේ ඇඳුම් අතරද එය කැපී පෙනේ. රාජාධි රාජසිංහ රජු කරවූ (1782-1798) දෙගල්දොරු සහ මුල්ගිරිගල විහාරස්ථාන වල සිතුවම් වල ඇති සිංහල කාන්තාවන්ගේ රූප මගින් එය සනාථ වේ.
 
මෑත කාලය වන තුරුම නොනැසී පැවති තවත් එවැනි අයිතමයක් වූයේ ‘සරුවාලය’ නම් ලිහිල් කලිසමයි. එවැනි කලිසමක් සිංහල ගොවීන් විසින් වඩාත් සුලභ අමුඩය හෝ ඉණ රෙද්ද වෙනුවට නැගෙනහිර ආසියාවේ වැනි රටවල් වල ඇතැම් ප්රදේශවල කුඹුරුවල වැඩ කරන විට ගොවීන් පැළඳ සිටියහ.
 
මුස්ලිම්වරුන්, එවක අරාබිවරුන්, දෙමළ සමාජයට කළ තවත් කැපී පෙනෙන සංස්කෘතික දායකත්වයක් ලෙස නාස් ආභරණ හඳුන්වාදීම පෙන්වා දිය හැකිය .
නාස් කුහරයට සවි වන පරිදී හඳුන්වා දුන් නාස් වළලු වැනි ආභරණ කාන්තා ආකර්ෂණයට දැඩි ලෙස එවක පාත්ර වුනි. එය ඔවුන්ගේ සංස්කෘතියට හඳුන්වා දුන්නේ මුස්ලිම්වරුන්ගේ දායකත්වයෙනි. ආචාර්ය ඒ එස් ඇල්ටෙකර් විසින් ඔහුගේ Position of Women in Hindu Civilization (1938) හි පෙන්වා දෙන පරිදි, මුළු හින්දු යුගය පුරාම නාසයේ ආභරණ ඉන්දියාවේ නොතිබූ අතර එය පැහැදිලිවම මුස්ලිම්වරුන් හඳුන්වා දෙන ලද්දක් බව පවසයි. නාසය ආශ්රිත කාන්තා ආභරණ සියවස් ගණනාවක් පුරා මුස්ලිම් ජනයා, විශේෂයෙන් අරාබිවරුන් අතර ප්රචලිතව තිබී ඇත.
 
නිදසුනක් වශයෙන්, මධ්යම ආසියාවේ අරාබිවරුන් නාසයේ මුදු පැළඳ සිටියේ ඔවුන්ගේ මුතුන්මිත්තෙකු වන හාගර් සහ ඒබ්රහම් යන අය ඒවා පැළඳ සිටි බැවින් එවක ඔවුන් ඉන් කොතරම් කාන්තාවන් හමුවේ ආකර්ෂණය වී ඇත්ද යත් එය අරාබි කාන්තාවන් අතර සම්ප්රදායක් බවට පසුකාලීනව පත් වූ බවත් විශ්වාස කරයි. ශ්රීමත් රිචඩ් බර්ටන් ඔහුගේ අල්-මදීනා සහ මක්කම වන්දනාව පිළිබඳ සටහනේ (1893) නාසය මුදු පැළඳ සිටින අරාබියේ බෙඩුයින් කාන්තාවන් ගැන සඳහන් කරයි. Saad Al-Jadir (1981) විසින් රචිත Arab and Islamic Silver නම් ග්රන්ථයට අනුව අරාබියේ, ඉරාකයේ සහ සිරියාවේ ග්රාමීය ප්රදේශවල එවැනි නාස් ආභරණ තවමත් පැළඳ සිටින කාන්තාවන් වෙසෙන බව පැවසේ.
 
දේශීය සන්දර්භය තුළ විශේෂයෙන් සිත්ගන්නා කරුණ නම්, 1940 ගණන්වල අනුරාධපුරයේ කැණීම් කරන ලද ස්වර්ණාභරණ අතර, දහවන සියවසේ බැග්ඩෑඩ්හි අබ්බාසිඩ් කාලිෆා වරයාගේ නාමය සටහන් වූ අරාබි අක්ෂර සහිත රන් කාසි සහ මාලයක් සමඟ කාන්තාවකගේ නාස් ආභරණ හමු වීමයි.
 
1964 Times of Ceylon Annual සඟරාවේ පළවූ Traditionally Yours නමැති ලිපියේ යෝගා වල්ලිපුරම් නම් ලේඛිකාව පවසන්නේ අඩ සඳ හෝ තාරකාව වැනි හැඩැති මූකුත්ති කලක් විවාහක දෙමළ කාන්තාවන්ට අත්යවශ්ය ආභරණයක් ලෙස සැලකූ බවයි. ඇය පවසන්නේ “සම්ප්රදායික පවුල්වල හැදී වැඩුණු ගැහැණු ළමයින් පමණක් මෙම නාස් ආභරණ වල ඇති කූරු සඳහා නාසය සිදුරු කර ඇති” බවයි. “නමුත් අද මනාලිය මූකුති පැළඳ නොසිටින්නේ නම්, ඇය නිසැකවම කරන්නේ ඇගේ නාසයේ කෙළවරේ, ඇගේ තොලට ඉහළින් එල්ලෙන පුල්ලක්කු නම් කුඩා බිංදුව පළදින බවයි” යනුවෙනි.
 
වල්ලිපුරම් විසින් “පුලක්කු” හෝ නාස් අභරණ ගැන සඳහන් කිරීම සිත්ගන්නා සුළුය, මන්ද ආභරණයේ නම සහ ස්වරූපය යන දෙකම අරාබි සම්භවයක් නියෝජනය කිරීමයි. කැප්ටන් එෆ්.එම්. හන්ටර් අරාබියේ ඒඩන් හි බ්රිතාන්ය ජනාවාස පිළිබඳ සිය සටහන් වල (1877) අරාබි කාන්තාවන් පැළඳ සිටින ‘බුලක්’ නම් අභරණය ගැන සඳහන් කරන්නේ “ මුද්රා කරන ලද, මුතු ඔබ්බවන ලද, පිටත මුතු මායිමක් සහිත පැතලි රන් අඩ සඳක්; එහි කොන් හා සම්බන්ධ වන අයුරින් අර්ධ වෘත්තාකාර කම්බියකින් නාසයේ මධ්යම පටලයෙ රඳවා පැළඳ සිටී” යන්නයි.
මේ අනුව, දේශීය දෙමළ කාන්තාවන් අඳින පුලක්කු අරාබි කාන්තාවන්ගේ “බුලක්” වලින් ආරම්භ වී ඇති බව පහසුවෙන් නිගමනය කළ හැකිය, විශේෂයෙන් දෙමළ භාෂාව විදේශ භාෂාවලින් අනුකරණයේදී ආරම්භක “බ” අකුර “ප” ලෙසින් උච්චාරණය කරන බව අප කව්රුත් දනී.
 
මැලේ සංස්කෘතික බලපෑම
 
මැලේ සංස්කෘතික බලපෑම ඊටත් වඩා ගැඹුරු ලෙස ස්වදේශී කරණය වී පවතී. සිංහල පුරුෂයාගේ සාම්ප්රදායික ඇඳුම වන සරොන්ග් හෝ සරම සිංහලෙන් හඳුන්වන්නේ එහි මැලේ වචනය වන “සරන්ග්” යන්නෙනි. අද දක්වා සිංහල කාන්තාවන් අතර කරාබු ලෙස හඳුන්වන විසිතුරු කන් ආභරණ ඇත්ත වශයෙන්ම මැලේ සම්භවයක් ඇති “ක්රාබු” හෝ “කෙරබු” යන වචනයෙන් පැමිණේ.
 
මැලේ ජාතිකයන් ද දේශීය සූපශාස්ත්ර විශාල දායකත්වයක් දක්වා ඇත. එවැනි කැපී පෙනෙන දායකත්වයක් වන්නේ සම්බෝල, නම් ගාන ලද පොල්, ළූණු, මිරිස්, දෙහි යුෂ සහ ලුණු මිශ්රිත ආහාරය පිළියෙළ කිරීම සිංහල නිවෙස්වල බහුලව භාවිතා වීමයි. මෙම ආහාරය මැලේ සම්බල් ලෙස හඳුන්වා දිය හැකිය. සිංහලයන්ගේ අච්චාරු යනු මැලේ වරුන්ගේ තවත් හඳුන්වදිමකි. මැලේ බසින් “අචාර්” නම් අච්චාරු වල මූලාරම්භය වන්නේ පලතුරු කල් තබා ගැනීම සඳහා මැලේවරු භාවිත කළ ක්රමයකි.
 
මැලේ සම්භවයක් ඇති රසකැවිලි අතර තවමත් සිංහල උත්සව වල දක්නට ලැබෙන බිබික්කන්, මැලේ බිකාං ‘සහල් පිටි කේක්’ වලින් ආරම්භ වූ පිටි, ගාන ලද පොල්, සීනි සහ කැඩුණු කජු වලින් සාදන ලද බේක් කරන ලද දුඹුරු පැහැති කේක් වේ. සහල් පිටි, පොල් කිරි සහ සීනි වලින් සාදන ලද තෙල් සහිත තද දුඹුරු පැහැ රසකැවිලි වර්ගයක් වන දොදොල්, සිංහල නිවෙස් වල බහුලව පිළියෙළ කරන ලද හකුරු වල මූලාරම්භය එම නමින්ම ඇති මැලේ රසකැවිලි වල ද ඇත.
 
මැලේ සම්භවයක් ඇති තවත් සිංහල ආහාරයක් වන්නේ, වර්තමානයේ වැඩිපුර ප්රචලිත නොවන මැලේ ‘චීන කුවේ’ හෙවත් ‘චීන කේක්’ නම් සිනක්කු ය. , පෙනෙන පරිදි, ඒවා චීන සම්භවයක් ඇති කුඩා කෝප්ප හෝ භාජනවල සකස් කර ඇත.
 
තවත් මැලේ හඳුන්වාදීමක් නම් රසැති පුඩිම් හෙවත් වටලප්පම් හෝ ‘බෝල් කේක්’ යන නාමයෙන් වඩාත් හොඳින් හඳුන්වනු ලබන අතුරුපසය. එය යෝනකයන්ගේ අහරක් ලෙස හැදින්වුවත් එය ඇත්ත වශයෙන්ම මැලේ ලෝකයේ සෙරිකයා ලෙස ප්රසිද්ධ සමාන පුඩිමකින් පැමිණේ. බිත්තර, කිතුල් හකුරු සහ කුළුබඩු යොදා සකස් කරන ලද මෙම ප්රණීත පුඩිම අනෙකුත් ප්රජාවන් අතර වේගයෙන් ජනප්රිය වෙමින් පවතින අතර, එය දේශීය පරිභෝජනය සඳහා වාණිජමය වශයෙන් නිෂ්පාදනය කෙරේ.
 
එය වඩාත් හොඳින් විස්තර කර ඇත්තේ J.P. De Fonseka ගේ A Gourmet’s Guide to Ceylon ටයිම්ස් ඔෆ් සිලෝන් ක්රිස්මස් නම් සටහනේ 1937 වර්ෂයේ අදින් වසර අසූවකට පමණ පෙර ඒ ගැන ලියා ඇත්තේ මෙසේය: “මුස්ලිම්වරුන් රස හොදින් හඳුන්වන ජාතියක්ය. ඔවුන් සතුව වටලප්පම් නම් මෘදු, ඉස්ම සහිත හකුරු සහ බිත්තර සහ කුළුබඩු, වැනි ද්රව්ය භාවිත කර සකසන පුඩිං වර්ගයක් ආහාරයට ගනී.
 
මැලේ ජාතිකයන් ද සිංහල සමාජයට විනෝදාස්වාදය ගෙන දෙන සංස්කෘතික අංග හඳුන්වා දුන්හ. සිංහල අලුත් අවුරුද්දේ කාන්තාවන් විසින් රබන් පද ලෙස හඳුන්වන ගීත වාදනය සඳහා වාදනය කරන රබාන යනු එවැන්නකි. මෙහි මූලාරම්භය මැලේ රෙබානා, විශේෂයෙන් රෙබානා යූබි ලෙස හදුන්වන වාද්ය භාණ්ඩයයි. රබාන නම් මැලේ පදය ම බෙර වාදනයට ගායනා කරන ඉස්ලාමීය අධ්යාත්මිය සංගීතයේ ප්රමුඛස්ථානයක් ගන්නා ‘අපේ ස්වාමියා’ යන අරාබි වහරෙන් පැමිණෙන රබ්බානා යන වචනයෙන් ව්යුත්පන්න වී පැමිණ ඇත.
 
සරුංගල් යැවීම නම් ජනප්රිය විනෝදාංශය ද මැලේ ජාතිකයන් විසින් හඳුන්වා දී ඇති බව පෙනේ. සරුංගලය සඳහා සිංහල යෙදුම සරං හෙවත් සරුංගලයට සම්බන්ධ වී ඇති සෑම සන්ධියකම වකුටු වූ කුඩා බට උණ බම්බුව යන අර්ථය ගෙන එයි.
 
මීට සියවසකට පෙර The Orientalist සඟරාවේ ප්රකාශයට පත් කරන ලද සිංහලයන් විසින් භාවිත කරන ලද පෘතුගීසි වචන පිළිබඳ පැහැදිලි කිරීමක ලුවී නෙල් විසින් කරන ලද නිරීක්ෂණයකින් මෙය සනාථ වේ. ඔහු ගැවියම් යන වචනයෙන් අදහස් කරන්නේ ඔහුගේ කාලයේ සිංහලයන් විසින් උකුස්සන්ගේ හැඩැති කඩදාසි සරුංගල් පියාසර කිරීම සඳහා යෙදූ ගේවියම් යන වචනයයි, සමහරු දුන්නක් දක්වා විහිදෙන සිහින් උණ බට බට පටියකින් අයෝලියානු උපක්රමයකින් යුක්තව ඉහළ ශබ්දයක් නිකුත් කරයි. මෙය මැලේ ජනයා විසින් සකස් කරන ලද බව ඔහු පවසයි.
 
මුල් සටහන: ආසිෆ් හුසේන්
පරිවර්තනය: මොහමඩ් මිනාස්

Check Also

කාන්තා චර්මච්ඡේදනය –

කාන්තාවන්ට විවිධාකාරයේ සුබ සිද්ධීන් ගෙනදෙන ඉස්ලාමීය පිළිවෙතක් කාන්තා චර්මච්ඡේදනය පිළිබඳව විවිධාකාරයේ ලිපිලේඛන ලියාපළකොට ඇති අතර …

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Discover more from Sri lanka Muslims Web Portal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading