පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමෙන්, එදින උත්සවය සැමරීමට පැමිණි අහිංසක ජනයා 300කට ආසන්න පිරිසක ඝාතනය මෙරට මුස්ලිම් ප්‍රජාව දැඩි ලෙස කම්පනයට පත් කර ඇත. මෙම ප්‍රහාරයෙන් අනතුරුව ඉස්ලාමීය අන්තවාදීන් වෙත ඇඟිලි දික් වන විට මුස්ලිම් ආගමිකයන් අවිශ්වාසයෙන් බලා සිටියෝය.
අවුරුදු දහසකට වඩා සාමය වෙනුවෙන් පෙනී සිටි ආගමක නාමයෙන්, අන්‍යාගමිකයන් කෙරෙහි ඉවසීමෙන් හැසිරීම මූලික ඉගැන්වීමක් ලෙස ඇති ආගමක නාමයෙන් සහ ජීවයට ගෞරව කරන ආගමක නාමයෙන් මෙවැනි අපරාධයක් සිදු වූ බව ඔවුන්ට විශ්වාස කළ නොහැකි විය.
නමුත් මදක් සිතන්න. ‘ඉස්ලාමීය’ යන වචනය ‘අන්තවාදීන්’ යන වචනය සමග එක් කරන්නේ ඇයි? ඉස්ලාමය, අන්තවාදය උගන්වනවාද? මෙම ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නට, සැබෑ ඉස්ලාමීය ඉගැන්වීම් දෙස යොමු නොවී තමන්ගේ නූගත්කමකින් මුස්ලිම් නමක් සහිත මෝඩයකු ආදර්ශයට ගෙන පිළිතුරු දිය නොහැක. ඔවුන් සැබෑ ඉස්ලාමය තේරුම් ගත්තේ නම්, ඉස්ලාමයට විරෝධී පාපයක ඔවුන් නිරත වූ බව වටහා ගනු ඇත. ඔවුන් සතුන්ටත් වඩා පහත්ය. මන්ද, සත්වයන් පවා දඩයමක යෙදෙන්නේ හේතුවක් ඇතිවයි. නමුත් මෙම අපරාධකරුවන්, අහිංසක ජීවිත පරදුවට තබමින්, ඔවුන්ගේ රුධිර රාගය තෘප්තිමත් කර ගෙන මුළු ජීවිත කාලය පුරාම අහිමි වූ තම ආදරණීයයන් ගැන සිතමින් දුක් වේදනා විඳින පවුල් ඇති කළේය.
දැන්, අපි ඉස්ලාමයේ අත්තිවාරම දෙස බලමු. එය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතයි. එනම්, දෙවියන්වහන්සේගේ වචනය වන අල්-කුර්ආනය සහ මුහම්මද් (ඔහුට සාමය ලැබේවා) තුමාණන්ගේ සුන්නාහ් වන ඔහුගේ ප්‍රකාශ සහ ක්‍රියාවන් ඇතුළුව ජීවන මාර්ගයයි. අන්‍යාගමිකයන් සමඟ ඉවසීමෙන් කටයුතු කල යුතු බව දන්වා හතකට නොඅඩු වැකි ගණනාවක් අල්කුර්ආනයේ ඇති අතර මේ පිළිබඳව අන් කිසිදු ආගමක් මෙලෙස අවධාරණය කර නොමැත. ඉස්ලාමයේ දිවි නසා ගැනීම හා අන් අය ඝාතනය කිරීම. විශේෂයෙන්ම හෙළා දකින අතර, එක් අහිංසක මනුෂ්‍යයෙකු ඝාතනය කිරීම සමස්ත මානව වර්ගයා මරා දැමීමට සමාන ය.
මුස්ලිම්වරයකුගේ ගුණාංග
මුහම්මද් තුමාණන් (ඔහුට සාමය ලැබේවා) ගේ දයාව හා දයානුකම්පාව මුස්ලිම්වරු වශයෙන් අප දැන සිටිමු. එය ඔහුගේ අනුගාමිකයින් වන අප පමණක් නොව ඒ කාලයේ ජීවත් වූ ක්‍රිස්තියානි ප්‍රජාව පවා දැන සිටි කාරණාවකි. ඔවුන් ඔහුට ආදරය කළ අතර ගෞරව හා ආරක්ෂා පවා ලබා දී ඇත.
මුහම්මද් තුමාණන්ගේ අනුගාමිකයින් සහ ඔහු විසින් මෙම ආදරය හා ස්නේහය තව දුරටත් ගොඩනගනු ලැබුවේ නජ්රාන්හි ගිවිසුම ලෙස හැඳින්වෙන ගිවිසුමක් මගිනි. එහි ඇතුළත් වුයේ මුස්ලිම් නොවන ඔවුන්ට සියලු ආකාරයකින්ම සිය ආගම නිදහසේ පිළිපැදීමට අයිතිය ඇති බවත්,කිතුනු ධර්මයේ අනුගාමිකයන් ආරක්ෂා කිරීමට මුස්ලිම්වරුන් බැඳී සිටිය බවත් ය.
නබි තුමාණෝ (ඔහුට සාමය ලැබේවා) සතුන් සතු අයිතිවාසිකම් ගැන පවා සැලකිලිමත් වූ අතර, සියලු ජීවීන් සඳහා ඔහුගේ අතිමහත් දයානුකම්පාව ගැන මම එක් උදාහරණයක් සඳහන් කරන්නෙමි.
මේ සිදුවීම සිදුවූයේ, සිය 10,000 ක හමුදාවක් සමඟ නබිතුමා මක්කාව බලා ගමන් කරන විටයි. මෙය විශාල ජය ගැනීමක් සහ බලවත් නිර්භීත ගමනක් ලෙස හැඳින්විය හැක්කේ, අනුගාමිකයින්ගේ අතිවිශාල සංඛ්‍යාවක් මෙයට සහභාගී වූ නිසා නොව ඔහු මක්කා පුරවැසියන් මුස්ලිම්වරුන්ට කල හිංසා අපරාධ වලට දඬුවම් නොකර සමාව දුන් හෙයිනි. මේ අතර දේව මෙහෙයුමට වඩාත් බාධා කල අබු සුෆියාන් සහ නබිතුමාගේ මාමා ඝාතනය කර ඔහුගේ අක්මාව අනුභව කළ අබු සුෆියාන්ගේ බිරිඳ හින්ද් ද ඇතුළත් විය. මක්කාවට යන අතර, තම අලුත උපන් පැටවුන්ට කිරි පොවමින් සිටි බැල්ලියකු දැක, නබිතුමා තම හමුදා භටයන් හට මෙම සත්වයාට බාධා නොකරන ලෙසත්, ඔහුගේ අණ පරිදි සිදු කරන බවට සහතික කිරීම සඳහාත්, දමාර්හි ජූයිල් මුරකරු ලෙස පත් කළේය. නබිවරයකු වශයෙන් එක් සුනඛයකුගේ ජීවිත ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නම්, ආදම් සහ ඒවගේ දරුවෝ වන මිනිසෙකුගේ ජීවිතය ගැන කෙතරම් සැලකිල්ලක් දක්වන්නට ඇතැයි ඔබට වටහා ගත හැකි විය යුතුයි.
අහිංසකයන් ඝාතනය කිරීම තහනම් කිරීම පමණක් නොව, නබිතුමා යුධ පිටියේ, ගස් හෝ පශු සම්පත් වලට හානි කිරීම් ඔහුගේ අනුගාමිකයින්හට දැඩි ලෙස තහනම් කර ඇත. ඔහු ත්‍රස්තවාදයේ මුල පිළිබඳවත් අනතුරු හැඟවූයේ මෙලෙසයි: “අන්තවාදය පිලිබඳව පරෙස්සම් වන්න! මන්ද ඔබට පෙර විසූ සමාජ විනාශ කළ එකම දෙය නම් අන්තවාදයයි” (ඉබ්නු මාජා).
එනම් ඉස්ලාමයට පෙර විසූ ආගමික අන්තවාදීන් විසින් සිදු කල සමූලඝාතනයක් වන යුදෙව් අන්තවාදීන් විසින් රෝමානු ජනයාට එරෙහිව සිදු කල මාසාඩා කැරල්ලේ ඔවුන් තම ජීවිත සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයින්ගේ ජීවිත හානි කරගත් සේ විනාශකාරී මගක නොයන ලෙසට අපට පැහැදිලිවම අනතුරු ඇඟවීය.
දැන් ඔබට ප්‍රශ්නයක් මතු වෙයි. එනම්, ඊනියා මුස්ලිම්වරුන් අන්තවාදීන් බවට පත්වෙමින්, අතීතයේ විසු ජ්වලිතයින් මෙන් ත්‍රස්තවාදීන් බවට පත්වෙමින් ඇත්තේ ඇයි?
නමුත් දැනගන්න. පාස්කු ඉරිදා සිදුවීම ඉස්ලාමය පිළිපදින මුස්ලිම්වරුන්ගේ කාර්යයක් නොවේ. එය අසරණයන් සහ අහිංසක අනිත් අයගේ ජීවිත පමණක් නොව, තමන්ගේම පවුල් ජීවිත පවා ඝාතනය කල අන්තවාදීන් විසින් සිදු කල අපරාධයකි. දෙමටගොඩ දී පොලීසිය එන බව දැනගත් ඒ කාන්තාව පුපුරණ උපාංගයක් පුපුරුවා හැරීමෙන් සිය කුඩා දරුවන් දෙදෙනා සමඟ සිය දිවි හානි කරගත් සිද්ධිය මෙයට කදිම උදාහරණයකි. මෙනිසයි, අප නබිතුමා අන්තවාදය පිළිබඳව අපට කලින්ම අනතුරු අඟවා ඇත්තේ.
ඉස්ලාමයේ සෙසු අගම් කෙරෙහි දක්වන ඉවසීම
ඉස්ලාමය සෑම විටම මිනිස් හදවත් දිනා ගත්තේ ඉස්ලාමීය ඉගැන්වීමෙන් වන අතර කඩුවෙන් නොව. කිසිම අවස්ථාවකදීත් ඉස්ලාමය ජනයා මත බල නොකළ යුතු බවත්, එය ඔවුන්ගේ නිදහස් කැමැත්ත අනුව අනුගමනය කල යුත්තක් බව ශුද්ධ වූ කුර්ආනයේ කිහිප වරක්ම සඳහන් වී ඇත.
“(නබි මුහම්මද්!) ප්‍රඥාවෙන් සහ උතුම් උපදෙසින් නුඹගේ රබ් (පරමාධිපති)ගේ මාර්ගයට (ජනයා) ඇරයුම් කරනු. තවද, ඔවුන් සමග ඉතා හොඳින් කරුණු සාකච්ඡכ කරනු. ඔහු (දෙවි වහන්සේ) ගේ මාර්ගයෙන් බැහැර ගිය අය ගැන නියත වශයෙන්ම නුඹගේ රබ් (පරමාධිපති) මැනවින් දනී. තවද, යහමඟට ලක් වූ අය ගැන ද ඔහු මැනවින් දනී”. (අල්-නහ්ල්: වැකි125)
“දීන්හි (දෙවි වහන්සේ විසින් පහළ කරන ලද මාර්ගය පිළිපැදීමෙහි) බල කිරීමක් නොමැත. දුර්මාර්ගයෙන් සන්මාර්ගය පැහැදිලිය. එබැවින් කවරකු නරක ප්‍රතික්ෂේප කොට දෙවි වහන්සේ ගැන විශ්වාස කරන්නේද ඔහු (කිසි කලෙක) නොසැලෙන, මිට මොලවා ගත්තෙකු වෙයි. එය නොබිදෙනු ඇත. දෙවි වහන්සේ සර්ව ශරාවකය, සර්වඥය”. (අල්-බකරා: වැකි 256)
“(නබි මුහම්මද්!) නුඹගේ රබ් (පරමාධිපති) අභිමත වූයේ නම්, මහපොළවේ වෙසෙන සියලු දෙනාම (එකහෙළාම) විශ්වාස කරන්නට තිබුණි. ඔවුන් විශ්වාස කරන්නන් විය යුතු යැයි නුඹ ජනයාට බල කරන්නෙහි ද?” (යූනුස්: වැකි 99)
දකුණු අරාබියාවේ නජ්රාන්හි කිතුනුවන් සමග ගිවිසුමකට එළැඹීම, නබි මුහම්මද් තුමාගේ ජීවිතයේ මෙම ආගමික ඉවසීම නිරූපණය වූ අවස්ථාවකි. ඔවුන් මදීනාවට පැමිණි විට නබි තුමාණෝ ඔහුගේ පල්ලිය ඔවුන්ට නවාතැනක් ලෙසත් එහි යාච්ඤා කිරීමටත් ඉඩ දී මෙසේ කීවේය:
“නජරාන් සහ ඔවුන්ගේ ජනයා දෙවියන්ගේ මෙන්ම මුහම්මද් නබිගේ ආරක්ෂාව යටතේ පවතිනු ඇත. ඔවුන්, ඔවුන්ගේ ආගම, ඔවුන්ගේ ඉඩම්, ඔවුන්ගේ දේපල හා ඔවුන්ගේ පල්ලි ආරක්ෂා කල යුතුයි. මෙම ගිවිසුම නජ්රාන්හි සියලුම ජනයාට යහපතක් ගෙන දෙයි. කිසිදු රදගුරුවරයෙකු තම රදගුරු පදවියෙන් ද, කිසිදු පූජකවරයෙකු ඔහුගේ භක්තියෙන්ද , කිසිදු බැතිමතෙකු ඔහුගේ විශ්වාසයෙන්ද ඉවත් නොකළ යුතුය” (ඉබ්නු සාද්හි තබකාත් අල් කුබ්රා).
637 වර්ෂයේදී, ජෙරුසලම නගරය ඉස්ලාමීය පාලනයට යටත් වීමෙන් පසු එහි විසූ කිතුණු බැතිමතුන් සමඟ නබිතුමාණන්ගේ මාමණ්ඩි කලීෆා උමර් විසින් ඇති කරන ලද ගිවිසුමේ අන්තර්ගතය පහත දැක්වේ:
“දෙවියන්ගේ නාමයෙන්, දයානුකම්පිත, දයාන්විතය. දේව බැතිමතෙකු සහ විශ්වාසවන්තයන්ගේ නායකයා වන උමර්, ඒලියා (යෙරුසලමේ) ජනයාට දෙන ලද ආරක්ෂාව මෙයයි. රෝගී හෝ නිරෝගී හෝ වේවා, ඔවුන්ගේ ජීවිතවලට, ඔවුන්ගේ දේපළ, ඔවුන්ගේ පල්ලි සහ ඔවුන්ගේ කුරුස, ඔවුන්ගේ ආගම ගැන සැලකිලිමත් වන සියල්ලන්ටම ආරක්ෂාව මම (උමර්) දෙන්නෙමි. ඔවුන්ගේ පල්ලි වාසස්ථාන බවට පත් නොකෙරේ. ඒවාගේම, ඔවුන් හෝ ඔවුන්ගේ ජීවන විලාසය කවමදාවත් වෙනස් නොකෙරේ”.
දිනක්, උමර් කිතුනු ශුද්ධස්ථානවල සංචාරයක යෙදෙන අවස්ථාවක යාච්ඤාව සඳහා කාලය උදා වූ විට සොෆ්රෝනියස් කිතුනු පියතුමා විසින් ඔහුට එහිම (ක්‍රිස්තියානි පල්ලියේම) ආගම කියන ලෙස කැඳවීය. නමුත්, උමාර් කල්පනාකාරීව එය ප්‍රතික්ෂේප කොට ඔහුගේ ගෞරවනීය චේතනාව හෙළි කරන ලදී: “මම ඔබගේ ඉල්ලීම ඉටුකළේ නම්, අනාගතයේ දී මුස්ලිම්වරු මගේ ආදර්ශය අනුකරණය කරමින් වර්ණ අනුකූලව ගිවිසුම උල්ලංඝනය කිරීමට පුළුවනි.” (ටබරීගේ තරික්).
උමර්ගේ අනුප්‍රාප්තිකයෙක් වන කාලිෆා උස්මාන් විසින් අනෙකුත් ආගම්වලට එම ආකාරයේම ඉවසීම පුළුල් කර ඇත. ඉස්ලාමය පිළිගත් කාන්තාවක් වන උම් අල්-මුහාජිර් මෙසේ පවසයි:”බයිසැන්තියම් සිට සමහර ගැහැණු ළමයින් හා මා අල්ලා ගනු ලැබුවෙමු. උස්මාන් අපට ඉස්ලාමයට ආරාධනා කළහ, නමුත් මා හා තවත් කාන්තාවක් පමණක් ඉස්ලාම් ආගම පිළිගත්තෙමු. එවිට, උස්මාන් “ගොස් ඔවුන් චර්මඡේදනය කරන්න” යැයි කිව්වේය. (බුහාරි හි අල්-ඇඩබ් අල්-මුෆ්රාඩ්).
ඉතිහාසය, ඉස්ලාමය දුටුවේ කෙසේද?
අතීත මුස්ලිම්වරුන්, අන්‍යාගමිකයින් සමග ඉවසීමෙන් කටයුතු කළ බවට ඉතිහාසය බොහෝ සාක්ෂි දරයි. මුස්ලිම් හමුදා බයිසන්ටයින්වරුන් සමඟ සටන් වැදීමට ජෝර්දාන නිම්නයට පැමිණි අවස්ථාවේ දී එහි විසූ කිතුණු භක්තිකයන් සිය අධිරාජ්‍ය නීතියට වඩා ඉස්ලාමීය පාලනය යටත් වීමට කැමැත්ත දැක්වීම ඒ සඳහා නිදසුනකි.
ඔවුන් අරාබිවරුන් වෙත ලියන ලද ලිපියක් පහත පරිදි වේ: “අහෝ මුස්ලිම්වරුනේ! බයිසන්ටයින්වරුන් හා ඔබ අතරින් අප ඔබලාව තෝරාගන්නෙමු. ඔවුන් අපගේම ආගමේ වුවද, ඔවුන්ට වඩා ඔබලා, අප සමඟ ධාර්මිකව කටයුතු කරන හෙයිනුත්, අපට කරුණාව දක්වන හෙයිනුත්, අපට අසාධාරණකම් කිරීමෙන් වළකින හෙයිනුත් සහ අප මත ඔබගේ පාලනය ඔවුන්ගේ පාලනයට වඩා යහපත් වන නිසාත්ය. මන්දයත් ඔවුන්ගේ පාලනය අපගේ දේපළ හා නිවෙස් අපගෙන් සොරාගත් හෙයිනි.”
එමෙස්සාහි වැසියන් එයිනුත් ඔබ්බට ගොස් හර්කියුලස්ගේ හමුදාවට ඇතුළු වීමට ඉඩ නොදී, සිය නගර දොරටු වසා දමා, ඔවුන්ගේ අසාධාරණ, පීඩාකාරී පාලනයට වඩා මුස්ලිම්වරුන්ගේ පාලනයට යටත් වීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. ඒ අයුරින් සිරියාවේ සෙසු නගර හා තවත් ප්‍රදේශ; ස්වකීය ආගමික නිදහස ද ආරක්ෂා වන පරිදි මුස්ලිම්වරුන්ගේ පාලනයට යටත් වීමට එකඟතාව පළ කරමින් මුස්ලිම් හමුදා සමඟ ගිවිසුමට එළැඹුණහ.
වසර 1000කට ආසන්න කාලයක් ඉස්ලාමීය සේනාවට යටත් නොවී සිටි කොන්ස්තන්තිනෝපලය 1453 වර්ෂයේ තුර්කිවරුන් අතට පත් වූ අවස්ථාවේ දී, එකල ඔටෝමන් අධිරාජයා වූ දෙවන මුහම්මද්, එහි විසූ කිතුණු ජනයාගේ පක්ෂපාතිත්වය තහවුරු කිරීමට කටයුතු කළේය. ඒ සඳහා තමා ග්‍රීක පල්ලිවල ආරක්‍ෂකයා වන බවට ප්‍රකාශයක් නිකුත් කළ අතර කිතුනු භක්තිකයන්ව කිසිදු අයුරකින් හිංසනයට ලක් කිරීම තහනම් කළේය. තවදුරටත් අලුතින්ම පත්වීම් ලද පැට්‍රියාක් ගෙනාඩියස්, එතුමාගේ අනුප්‍රාප්තිකයන් සහ එතුමාණන් යටතේ සිටි බිෂොප්වරුන් හට, බයිසන්ටයින් අධිරාජ්‍ය සමයේ දී පරිදිම ඔවුන් ලද සියලු වරප්‍රසාද එපරිද්දෙන්ම භුක්ති විඳීමේ අයිතිය, රාජ නියෝගයක් මගින් තහවුරු කළේය. එපමණක් නොව සුල්තාන්වරයා අතින් එඬෙරාගේ යෂ්ටිය හා කාර්යාලීය සංකේතය පැට්‍රියාක්වරයාට ලබා දෙන ලදී. ඊට අමතරව රන් ඩුකාට් 1000ක පසුම්බියක් හා නගරය හරහා එතුමා ගමන් කිරීම සඳහා අලංකාර ලෙස සරසන ලද අශ්වයෙක් ද ලබා දෙන ලදී.
මේ අනුව අපට පැහැදිලි වන්නේ, ඉස්ලාම් යනු සෙසු ආගම් සමඟ සහනශීලීව කටයුතු කරන දහමක් වන අතර එහි මූලික ඉගැන්වීම් මගින් එම කරුණ මුස්ලිම්වරුන්ට කාවද්දා ඇති බවයි. කවරෙකු මේ මූලධර්මයට විරුද්ධව කටයුතු කරන්නේ ද, ඔහු මුළු ඉස්ලාම් දහමටම විරුද්ධව කටයුතු කළ අයෙක් බවට පත් වෙයි.
Post Disclaimer | Support Us
Support Us
The sailanmuslim.com web site entirely supported by individual donors and well wishers. If you regularly visit this site and wish to show your appreciation, or if you wish to see further development of sailanmuslim.com, please donate us
IMPORTANT : All content hosted on sailanmuslim.com is solely for non-commercial purposes and with the permission of original copyright holders. Any other use of the hosted content, such as for financial gain, requires express approval from the copyright owners.