ෂරියා නීති සංග්‍රහය සැබැවින්ම කටුකද?

නූතන ලෝකයේ අපි බොහෝ විට ඉස්ලාමීය වත්පිළිවෙත් අනුව නියම කරනු ලබන දඬුවම් සැබවින්ම කටුක දෙයක් ලෙස සලකමු. මිනීමැරුමකට හිස ගසා දැමීම, කාමමිථ්‍යාචාරය සඳහා ගල් ගසා මරා දැමීම සහ සොරකම් කිරීම සඳහා අත් කපා දැමීම වැනි දඬුවම් සමහර විට වෙනත් යුගයකට අදාළ දඬුවම් ලෙස හා අද ලෝකයට නොගැළපෙන බව දකින්නෙමු.

කෙසේ වෙතත් ඉස්ලාමය එවැනි දඬුවම් ක්‍රියාත්මක කිරීමට පෙර යම් යම් කොන්දේසි නියම කර ඇතැයි දැනගත යුතුය. එය වඩාත් ගැඹුරින් නිරීක්ෂනය කළ විට, එවැනි දඬුවම් පෙනෙන තරම් රළු නොවන බව අපට වැටහෙනු ඇත. දහඅටවන සියවසේ කුසගින්න හේතුවෙන් පාන් ගෙඩියක තරම් කුඩා දෙයක් සොරකම් කළ පුද්ගලයෙකුට මරණීය දණ්ඩනය නියම කළ එංගලන්තය වැනි මුස්ලිම් නොවන රාජ්‍යයන්හි පැවති දණ්ඩ නීති සංග්‍රහයන් සමඟ ඉස්ලාමීය දණ්ඩ නීති සංග්‍රහයද සසඳන විට මෙය විශේෂයෙන් පැහැදිලි වනු ඇත.

1772 තරම් මෑත කලයකදී එංගලන්තයේ මේරි ජෝන්ස් නම් තරුණ මවක් සොරකම් කිරීමේ චෝදනාව මත එල්ලා මරා දමන ලද අතර, ඇය එල්ලුම් ගසට නගින විට ඇගේ දරුවා පියයුරෙන් උදුරා ගනු ලැබීය. ස්වාමිපුරුෂයා නාවික හමුදාවට යොමු වීමෙන් පසුව ඇගේ කුඩා දරුවන් දෙදෙනා පෝෂණය කිරීම සඳහා පාන් ගෙඩියක් සොරකම් කිරීම අපරාධයටය. ඕල්ඩ් බේලි වාර්තා නිරීක්ෂණය කළ විට, සත දෙකක් වටිනා තීන්ත සොරකම් කිරීමේ චෝදනාව මත 1833 වර්ෂයේ දී අවුරුදු නවයක පිරිමි ළමයෙකුට මරණ දඬුවම නියම වූ බව පෙනී යනු ඇත.

එමෙන්ම, 1810 තරම් මෑත කලකදී, එංගලන්තයේ “ජිප්සීස් සමාගමෙහි මාසයක කාලයක් සිටීම”, “වයස අවුරුදු 7-14 අතර දරුවෙකු අපරාධ සිදුකිරීම සනාථ කරන ප්‍රබල සාක්ෂි” සහ ” අපරාධ ක්‍රියාන්වල යෙදෙන විට මුහුණ ආවරණය කිරීම හෝ වෙස්වළා ගැනීම” ඇතුළුව තනි තනිව නිර්වචනය කරන ලද මරණීය දණ්ඩන අපරාධ 222 කට නොඅඩු ප්‍රමායක් දක්නට ලැබේ. ඒ හා සමානව, 1773 කළු පනත මගින් විවිධ සොරකම් හා දඩයම් කිරීම් සඳහා මරණීය දණ්ඩන 50 ක් පමණ නිර්මාණය කරන ලදී.

මරණ දඬුවම ප්‍රතිසංස්කරණය කිරීමේ ඉතිහාසය 1808 වර්ෂයේදී ශ්‍රීමත් සාමුවේල් රොමිලිගේ කාලයේ සිට ආරම්භ වූවක් බව පෙනී යයි. සාක්කු සොරකම් කිරීම (ඵිcක් පොcකෙටින්ග්) වැනි සුළු අපරාධ සඳහා මරණීය දණ්ඩනය නීති ග්‍රන්ථවලින් ඉවත් කිරීමට ද ඔහු උත්සාහ කළේය. 1813 දී හවුස් ඔෆ් කොමන්ස් හි “පොදුවෙළඳ සැලක, ගබඩාවක හෝ වෙනත් තැන්වල, සිලිං 5ක් වටිනා භාණ්ඩ සොරකම් කිරීමේ වරද” සඳහා මරණීය දණ්ඩනය නියම කිරීම සඳහා වන විලියම් රජුගේ පනත් බොහෝමයක් අවලංගු කිරීම සඳහා විෂේශ පනතක් ද ඔහු විසින් හඳුන්වා දෙන ලදී. මෙය වෙනත් වචනවලින් කිවහොත්, සාප්පු සොරකම් වලට මරණ දණ්ඩනය නියම කිරීමට එරෙහි පනතක් යැයි එය සඳහන් කළ හැක. එනමුත් මෙම පනත් කෙටුම්පත ලෝඩ්ස් හවුස් විසින් විසි කරන ලදී. කැන්ටර්බරි අගරදගුරු, චාල්ස් මැනර්ස්-සුටන් ඇතුළු තවත් බිෂොප්වරුන් හය දෙනෙකු සමඟ එකතු වී සිලිං පහක් සොරකම් කිරීමේ වරද සඳහා වූ මරණ දඬුවම අහෝසි කිරීමේ පනත පරාජය කිරීමට කටයුතු කරන ලදී.

මරණ දඬුවම පිළිබඳ ඉස්ලාමීය යෙදවුමට වඩා මෙය වෙනස් ය. අප දන්නා පරිදි ඉස්ලාමය මිනීමැරීම, කාමමිථ්‍යාචාරය සහ දිව්‍ය ඇදහිල්ල මගහැරීම යන වැරදි තුනකට පමණක් මරණ දණ්ඩනය නියම කර ඇත. මිනීමැරුමක් වැනි දරුණු ක්‍රියාවක් සිදු කළද, අල්-කුර්ආනය පරලොවේදී වරදකරුට ලැබෙන දිව්‍ය දඬුවම් පිළිබඳව සිහිකිරීමෙන් ඇඟවුම් එල්ල කළද, වින්දිතයාගේ ඥාතීන් ඔහුට හෝ ඇයට සමාව ලබා දීමට කැමති වන්නේ නම් ඔහුට හෝ ඇයට සමාව ලබා ගත හැකි බවද සඳහන් කරන අතර ඝාතනය කිරීමේ අපරාධය සඳහා වන්දි මුදල (ඹ්ලූඩ් Mඔනෙය්) ලබා ගත හැකි බවද පිළිගනී.

එසේ නැතහොත් අපරාධකරු පුනරුත්ථාපනය කළ යුතු බව හෝ ජීවිත කාලය පුරාම සමාජ සේවා වල නිරත වීමට අපරාධකරුවන් කැපවිය යුතු බව හෝ ඒ හා සමාන වෙනත් කොන්දේසියක් ඔවුන්ට පැනවිය හැකි බවද ඉස්ලාමය පැවැසේ. කෙනෙකු ඝාතනය කරනු ලැබීමෙන් අදාළ පවුල අසරණ වීම හේතුවෙන් වින්දිතයාගේ පවුලේ යහපත වෙනුවෙන් වන්දි මුදලක් (ඹ්ලූඩ් Mඔනෙය්) ලබා ගැනීම ද මාර්ගයක් බව අල්-කුර්ආනය විග්‍රහ කරයි. මේ සඳහා වෙනත් නීතියක් සපයන්නේ නැත.

කාමමිථ්‍යාචාරය සම්බන්ධයෙන් අල්-කුර්ආනය දණ්ඩ නීතිය පිළීබඳ සලකා බලන විට, කාමයෙහි වරදවා හැසිරෙන අතරතුර සාක්ෂිකරුවන් සිව්දෙනෙකු එම ක්‍රියාව දුටු බවයි. මෙයින් අදහස් වන්නේ එම පාපක්‍රියාව ප්‍රසිද්ධියේ සිදුවීම ය. කාමමිථ්‍යාචාරය රහසිගතව සිදුවන්නා බැවින් එය ඔප්පු කිරීම ඉතා දුෂ්කර කරුණක් වෙයි. එමෙන්ම එම වරදෙහි බරපතලකම සහ බොහෝ විට බටහිර රටවල පවතින සේ එම වරද්ද ප්‍රසිද්ධියට පත්වීමේ වාතාවරණයක් ඇති වීම වැළැක්වීම සහ කවදා හෝ එය පිළිබඳව සිතන අය කෙරෙහි පැහැදීමක් ඇති කිරීම සඳහා එය මනෝවිද්‍යාත්මක බාධකයක් ලෙසද පැහැදිලි කරයි. අවිවාහක යුවළයන් අතර අනියම් ලිංගික සම්බන්ධතාවක් පැවැති විට පුරුෂයාට හා ස්ත්‍රියට කස පහර සියයක් බැගින් දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව ඉස්ලාමය නියම කළද, විශ්වාසදායක සාක්ෂිකරුවන් සිව් දෙනෙකු විසින් එය තහවුරු කළ යුතු බවද පැවැසේ.

දිව්‍ය ඇදහිල්ල අත්හැරීම හෝ දෙවියන් අපහාස කිරීමේ අපරාධය සිදුකළ වැරදිකරුට එරෙහිව දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර ඔහු පසුතැවිලි වීමටද ඉස්ලාමය අවස්ථාවක් ලබා දී ඇත. එංගලන්තය වැනි රටවල පැවති රුදුරු ඇදහිල්ල අත්හැර යෑම සහ අපහාස කිරීම සම්බන්ධ අපරාධ නීතිවලට වඩා ෂරියාහ් නීතිය සැහැල්ලු බව මෙහිදී අපට පෙනී යනු ඇත. 1697 දී එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ විසි හැවිරිදි තරුණ වෛද්‍ය සිසුවෙකු වූ තෝමස් අයිකන්හෙඩ් පරණ ගිවිසුම (Oල්ඩ් ඨෙස්ටමෙන්ට්) ‘එස්රාගේ ප්‍රබන්ධ’ ලෙස හා නව ගිවිසුම (ණෙව් ඨෙස්ටමෙන්ට්) ‘වංචාකාර ක්‍රිස්තුස්ගේ ඉතිහාසය’ මත පදනම් වූ අපහාසාත්මක ලෙස ප්‍රකාශ කළ බවට ඔහුගේ මිතුරන් විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂිවලට අනුව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන ලදී. අයිකන්හෙඩ් තමා “ආශීර්වාද ලත් ජේසුස් වහන්සේට වඩා මුහම්මද් තුමාට පක්ෂපාති වූ” බව ප්‍රකාශ කර ඇතැයි ඔහුගේ අධිචෝදනා පත්‍රයේ සාරාංශයේ සඳහන් කර ඇත. සටන් කරන ක්‍රිස්තියානි ආකල්පවලට වඩා මුහම්මද් නබිතුමාට පක්ෂපාතී වීම අයිකන්හෙඩ් කළ ලොකුම වරද බව මෙයින් මනාව පැහැදිලි වනු ඇත. මෙහි අයිකන්හෙඩ් දෙවන චාල්ස් නායකත්වය යටතේ පළමු ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 1661 පනතේ ‘කෙනෙකු තම බුද්ධියට අවධානය යොමු නොකර දෙවියන් වහන්සේට හෝ ආශීර්වාද ලත් ත්‍රිත්වයේ ඕනෑම පුද්ගලයෙකුට අපහාස කිරීමට හෝ ශාප කිරීමට ඉඩ නොදේ’ යන වගන්තිය මගින් මරණීය දණ්ඩනයට හසු විය. පියාණන් වහන්සේ හා පුත්‍රයාණන් වන දෙවිවරුන් ප්‍රතික්ෂේප කිරීම සහ ශුද්ධ ලියවිල්ලට සමච්චල් කිරීම සම්බන්ධයෙන් අයිකන්හෙඩ් වැරදිකරු වූ බව පෙනී යැයි. ඔහුට මරණීය දණ්ඩනය නියම වූ විට එම දඬුවම ක්‍රියාත්මක කිරීමෙහි සැහැල්ලු බවක් ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කළද එය ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර මරණ දණ්ඩනයද ක්‍රියාත්මක විය.

ඉංග්‍රීසි අපරාධ නීති සංග්‍රහය තරම් මෑත කාලයකදී හැඳින්වූවවක් බව අපි දනිමු. 18 වන ශතවර්ෂයේදී, ස්ථාපිත ඇන්ග්ලිකන් පල්ලියට යටහත්භාවය නොදක්වා ප්‍රතික්ෂේප කිරීම සහ වෙනත් ක්‍රිස්තියානි ධර්මයකට අනුගත වීම මහා අපරාධ බව සලකා එයට දරුණුතම දඬුවම් නියම කරනු ලැබීය. ඔවුන්ගේ ඇදහිල්ලි සම්බන්ධ නිදහස මහා රාජද්‍රෝහී ක්‍රියාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එංගලන්තයේ සහ අයර්ලන්තයේ බොහෝ කතෝලිකයන්ට කටුක වේදනාකාරී මරණ දණ්ඩනය අත්විඳීමට සිදු වේ. අවාසනාවන්ත වින්දිතයින් ගෙලෙන් එල්ලා තබනු ඇත පලංචියක සිට, ජීවත්ව සිටියදී කපා දමා ඔවුන් ඉවත් කරනු ලැබේ. අනතුරුව ඔවුන්ගේ සිරුරු වලින් හිස් කපා වෙන් කොට ඔවුන්ගේ මළ සිරුරු හතරෙන් හතරකට කපා බෙදා දමනු ඇත.

පෙර අපි දුටු පරිදි, පාන් ගෙඩියක් සොරකම් කිරීමේ චෝදනාව මත දහ අටවන සියවසේදී පවා ඉංග්‍රීසි නීති සංග්‍රහය නියම කරනු ලැබූ දඬුවම සම්බන්ධයෙන් මෙහි අපි පරිශීලනය කළ යුතුය.

අල්-කුර්ආනය (5:38) මෙසේ පවසයි: “සොරකම් කළ පිරිමියෙකු හා සොරකම් කළ ස්ත්‍රීයක, ඔවුන් දෙදෙනා ඉපැයූ දෑට දඬුවම වශයෙන් ඔවුන්ගේ අත් කපා දමන්න, ඔවුන් කළ ක්‍රියාවට විපාකයක් ලෙසද අල්ලාහ් ගෙන් අවවාදාත්මක ඉගැන්වීමක් ලෙසද මෙය සිදු කරන්න. තවද පරමාධිපතී දෙවියන් බලසම්පන්න හා ප්‍රඥාවන්තයි ” කෙසේ වෙතත්, වැරදිකරු විසින් සිදු කරනු ලබන පළමු වරද සඳහා දකුණු අත මැණික් කටුවෙන් ඉවත් කරීම ද, දෙවැන්න සඳහා වම් පාදය ද, තුන්වැනි වරද්ද සඳහා වම් අත මැණික් කටුවෙන් ඉවත් කිරීම ද, සිව්වන වරද්ද සඳහා දකුණු පාදය ඉවත් කිරීම සොරකම් කිරීම හා සම්බන්ධ දණ්ඩ නීතිය බව නබි තුමාණන්ගේ ඉලැන්වීම්වලින් (සුන්නා) තහවුරු වී තිබේ.

මෙය දරුණුතම දඬුවමක් ලෙස පෙනුනද, එහි යෙදුමට අදාළ කොන්දේසි සලකා බැලීමෙන් එය වඩාත් සැහැල්ලු බව තහවුරු වනු ඇත. බාල වයස්කරුවෙකු (වැඩිවිය පැමිණීමට පෙර දරුවෙකු), උමතු (ඔහුගේ නිසි සිහිකල්පනාවෙන් නොසිටින) හෝ නිදා සිටින (නින්දෙන් ඇවිදින) පුද්ගලයෙකු විසින් යම්කිසි වරදක් සිදු වූ විට එය සඳහා ඔහු දඬුවම් කළ නොහැකි අතර කුසගින්නෙන් හෝ නියඟ කාලයකදී සොරකම් කරන දරිද්‍රතාවයෙන් පෙළෙන කෙනෙකුට සොරකම් කිරීම් සම්බන්ධ දණ්ඩ නීතිය ක්‍රියාත්මක කළ නොහැක. තවද, සොරකම් කිරීමේ අභිප්‍රාය පැහැදිලිව තහවුරු කළ යුතුය. සොරකම් කරන ලද භාණ්ඩයට ද සැලකිය යුතු වටිනාකමක් තිබිය යුතුය. එනම් රිදී දිර්හම් තුනකට වඩා වටිනා භාණ්ඩයක් විය යුතුය. වෙනත් වචනවලින් කිවහොත් රන් ග්‍රෑම් 1.6 ට සමාන වන අතර එය වර්තමාන සන්දර්භය තුළ ඇමරිකානු ඩොලර් 40 ට වඩා වටිනා භාණ්ඩයක් හෝ ඊට සමාන වේ.

එපමණක් නොවේ. සොරකම් කරන ලද භාණ්ඩය එහි හිමිකරුගේ ආරක්ෂිත භාරය යටතේ තිබියදී සොරකම සිදුව තිබිය යුතුය. වෙනත් වචන වලින් කිවහොත්, යමෙකුගේ නිවසේ ආරක්ෂාව සඳහා තිබෙන ආරක්ෂිකාගාරය හෝ සේප්පුවක හෝ අල්මාරියක වැනි ස්ථානයක එම භාණ්ඩය ආරක්ෂා කර තිබිය යුතුය. නිදසුනක් වශයෙන්, අල්මාරියක ලාච්චුවක් ස්වර්ණාභරණ තබා ගැනීමට සුදුසු වන අතර පශු සම්පත් ඇති කිරීමට ගෙවත්තේ වැටක් සාදා ගැනීම සුදුසු ය. මේ අනුව පොදු ස්ථානයක අනාරක්ෂිතව තබා ඇති ස්වර්ණාභරණ හෝ වෙනත් භාණ්ඩ සොරකම් කරන කෙනෙකුට හෝ වැටෙන් ඉවතට පැන සත්වයෙකු සොරකම් කිරීමට ද සොරකම් කිරීමට අදාළ දඬුවම නියම වන්නේ නැත. පුද්ගලයෙකු තම දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා හැකි සෑම පියවරක්ම ගත් විටද එය නොසැලකිලිමත් ලෙස ප්‍රස්ද්ධියේ කෙනෙකුට පහසුවෙන් ළඟා විය හැකි තැනක නොතැබූ විට සොරකම සිදු වුවහොත් පමණක් ඉස්ලාමයේ දණ්ඩ නීතිය ක්‍රියාත්මක වන්නා බව මෙයින් පැහැදිලි වනු ඇත. මෙය තවත් ගැඹුරින් දැක්වුවහොත්, පොදු වාසස්ථානයක් බෙදා හදා ගන්නා පුද්ගලයන්ගේ වටිනා භාණ්ඩයක් පවුලේ සාමාජිකයන් කෙනෙකුගේ දරුවෙකු හෝ කලත්‍රයෙකු හෝ සේවකයෙකු හෝ ආගන්තුකයෙකු වැනි විවිධ අයවලුන් එම භාණ්ඩය වෙත සුලභව යොමුවිය හැකි තත්ත්වයක් තිබෙන අවස්ථාවල සොරකම් සිදු වුවද එයට අදාළ ඉස්ලාමයේ දණ්ඩනීතිය ක්‍රියාත්මක වන්නේ නැත.

සොරකම වැනි අපරාධ සිදු කරනු ලබන්නේ කිසිවෙකු නොසිටින හා රහසිගත අවස්ථාවකයි. එබැවින්, මහජනතාවගේ අවධානයට යොමු නොවන ප්‍රසිද්ධ ස්ථානවල දිවා කාලයේ සොරකම් කිරීමට ද දඬුවම නියම වන්නේ නැත. තවද, බලහත්කාරයෙන් භාණ්ඩයක් අත්පත්කර ගන්නා පුද්ගලයාගේ අත කපා දැමීමක් සිදු නොවේ. නමුත් ආයුධ සන්නද්ධ මංකොල්ලකෑම් අවස්ථාවන්වලදී වැරදිකරුවෙකු කැරලිකරුවෙකු ලෙස සලකනු ලබන අතර එවැනි අපරාධකරුවන් සඳහා අල් කුර්ආනයේ නියම කර ඇති දකුණු අත සහ වම් පාදය කපා ඉවත් කිරීමේ දණ්ඩ නීතිය ක්‍රියාත්මක කරනු ලැබේ. මෙය පුදුමයට කරුණක් වුවද, මෙසේ නියම කිරීමේ හේතුව, බලහත්කාරයෙන් භාණ්ඩයක් අත්පත්කර ගන්නා හඳුනාගෙන එම භාණ්ඩය නැවත ලබා ගත හැක්කේ අවට සිටින අන් අයගේ උපකාරය ලබා ගැනීමෙන් හෝ නීතියේ ශක්තිමත් හස්තයට යොමු වීමයි. සොරකම් කළ වැරැදිකරුවන් හඳුනා ගෙන භාණ්ඩය විශාල අපහසුතාවයකින් තොරව නැවත ලබාගත හැකි වීමයි.

ඊට අමතරව, සොරකම තහවුරු කිරීම සඳහා සාක්ෂිකරුවන් දෙදෙනෙකු අවශ්‍ය වුවද, සොරාගත් තැනැත්තාට ඔහු හෝ ඇය විනිසුරුවරයා හෝ නීති බලධාරීන් වෙත ගෙන යාමට පෙර සොරකම් කළ භාණ්ඩය ඔහුට හෝ ඇයට තෑගි කිරීමෙන් සමාව දිය හැකිය.

ශතවර්ෂ හතරකට ආසන්න කාලයක් පුරා මුස්ලිම් ලෝකයේ ප්‍රබල කොටසක් ආවරණය කළ හා ඉස්ලාමීය පාලනයක් පැවැති ඔටෝමාන් අධිරාජ්‍යයේ සොරකම් කිරීම සඳහා වූ අත් කපා ඉවත් කිරීමේ සිද්ධීන් අතළොස්සක් පමණක් වූ අතර අහිංසක පුද්ගලයන්ගේ දේපල සූරාකෑම සඳහා දිගටම මෙවැනි අපරාධ සිදු කරගෙන ගිය දැඩි අපරාධකරුවන්ට පමණක් එය අදාළ වූ බවද පැහැදිලි වේ.

මාගේ කුඩා කාලයේ දේශීය රූපවාහිනියේ විකාශය වූ සුප්‍රසිද්ධ සී.බී.එස් රූපවාහිනී කුඩා චිතුපටි මාලාවක් වන ‘කේන් සහ අබෙල්’ (1985) නරඹන විට එක් අවස්ථාවකදී මා භීතියට පත්වූ බව මාගේ මතකයට පැන නැගුණි. එය මනාව වියන ලද කතාවක් බවට සැකයක් නැත. කතාවේ එක් කොටසක පෝලන්ත වීරයා වන ආබෙල් ජර්මානුවන්ගෙන් සහ රුසියානුවන්ගෙන් බේරී තුර්කි අධිරාජ්‍යයන් කරා ගමන් කරමින් සිටින අතර විකුණුම්කරු සිය යල්පැනගිය මුදල් නෝට්ටු පිළිගැනීම ප්‍රතික්ෂේප කරන විට කුසගින්නෙන් ඔහු පලතුරු ගෙඩියක් සොරකම් කරයි. ඔහු එයින් ඉවත්ව ගිය විගසම, තුර්කි ආරක්ෂක බලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලබන අතර, ඔහුගේ අත කපා ඉවත් කිරීම සඳහා වධකයා වෙත ගෙන යනු ලැබුවේය. නමුත් රාජ්‍ය තාන්ත්‍රිකයකු විසින් පෝලන්ත තානාපති කාර්යාලය වෙත දැනුම් දීමකින් ඔහු ආරක්ෂා කරනු ලැබූ අතර එම සිද්ධිය ඔහු නව ජීවිතයක් ආරම්භ කිරීම සඳහා එක්සත් ජනපදයට සංක්‍රමණය වීමට ද මග පෑදුවේය.

ඉස්ලාමීය තුර්කි ජාතිකයන් ෂරියා නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේදැයි හොඳින් දැන සිටි හෙයින් මෙම කථාව කරුණු කාරණා විග්‍රහයක් බව ආපසු හැරී බලන විට මට වැටහුනි. ඔවුන්, පලතුරු ගෙඩියක තරම් නොවැදගත් දෙයක් කුසගින්නෙන් සොරකම් කිරීම හෙතුවෙන් අදාළ පුද්ගලයාගේ අත කපා දැමීමට නොදැනුවත් වූ බව පෙනී යැයි. චිත්‍රපටයේ නිරූපණය කර ඇති ක්‍රියාව ක්‍රමානුකූලව සොරකම් කිරීමක් නොවන අතර එය අයථා පරිහරණයකි. එවිට අත කපා ඉවත් කිරීමට අවශ්‍ය නොවේ. නමුත්, සිරගත කිරීම හෝ කස පහර දීම වැනි ශාරීරික දඬුවම් ලබා දිය හැකි බව පෙන්නුම් කරයි. චිත්‍රපටයේ නිරූපණය කර ඇති දඬුවම සහ වෙනත් දඬුවම් ක්‍රමයන් බටහිර දඬුවම්වල දැඩි ස්වභාවය පිළිබිඹු කරයි. නමුත් කරුණු සංකීර්ණ කරමින් ඉස්ලාමයට ආරෝපණය කිරීම පිළිගත නොහැකිය.

ෂරියා නීතිය මුස්ලිම් ලෝකයට පුදුම දෙයක් නොවන බව මෙයින් මනාව පෙන්නුම් කෙරේ. එහෙත් පළමුව ෂරියා යනු බටහිරයන් විසින් නිරූපණය කරන ආකාරයට නොවේ යන සත්‍යය පිළිබඳව මහජනතාව දැනුවත් කළ යුතුය.

කතෘ – ආසිෆ් හුසේන්
පරිවර්තනය: රිනාස් ලරිෆ්

 

Check Also

For the cure of any illness – Daily Islamic Reminders

Ayesha (R.A.) stated that when anyone among them had an illness, Prophet Mohammad (SAW.) used …

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

RSS
Follow by Email
YouTube
YouTube